ඉන්ධන නිකුත් කිරිම මෙන්ම ඉන්ධන බෙදා හැරිමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා සිටියි.
පිට පළාත් සඳහා ඉන්ධන රැගෙන යාමට බවුසර් රථ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට පැමිණ ඇති බවයි එම සංස්ථාව පෙන්වා දෙන්නේ.
ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් කිහිපදෙනෙකු ඉන්ධන ඇණවුම් නොකරන බවට සිදුකළ ප්‍රකාශයත් සමග පසුගිය දින දෙකෙහි ගැටලුකාරී තත්ත්වයක් මතු වුවත් කිසිදු බාධාවකින් තොරව ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලු පියවර ගෙන තිබේ.
එමෙන්ම අද (03) දිනයේත් සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම් සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කර සිටිි
කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් සේවකයන් පවසා සිටින්නේ ඉන්ධන ඇණවුම් ලබා ගැනීමට පැමිණි බවුසර් රථවලින් කොලොන්නාව ගජබාපුර අංගනය අද (03) පිරී ගොස් තිබූ බවත් කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකි බවයි .