ඉරානය වෙත චීනය විසින් අවි ආයුධ සපයන බවට පළ වන වාර්තා පදනම් විරහිත බවත්, ඒවා හුදෙක් “මඩ ගැසීම්” (Groundless smears) පමණක් බවත් චීනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ චීනය ඉරානයට සහය දක්වන බවට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.
චීනය අවධාරණය කරන්නේ තමන්ගේ හමුදා උපකරණ අපනයනය කිරීම සැමවිටම “පරීක්ෂාකාරී සහ වගකීම් සහගත” අයුරින් සිදු කරන බවයි. ඉරානය සමඟ පවතින වෙළඳ සහ බලශක්ති ගිවිසුම් ගරු කරන අතරම, කලාපීය යුදමය ගැටුම් සඳහා අවි සැපයීමේ කිසිදු සැලසුමක් හෝ ඒ සඳහා වන සාක්ෂි කිසිවක් නොමැති බව බීජිං පාලනය වැඩිදුරටත් සඳහන් කරයි. බටහිර බලවතුන් චීනය ඉලක්ක කරගනිමින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන බවට ද ඔවුන් මෙහිදී චෝදනා කර සිටී.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal (x)ඇසුරින්














