බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ගැලවීමක් නැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ මහතා ඊයේ (05) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ බැදුම්කර වංචාවේ මහමොලකරු රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
එසේම එක්සත් ජාතික පක්ෂය මෙරටට කරපු විනය නිසා අද වන විට එම පක්ෂයට ගොඩ ඒමක් නොමැති බව හෙතෙම පැවසිය.
එසේම මේ වන විට විපක්ෂයේ පිරිසක් කටයුතු කරමින් සිටින්නේ මැතිවරණයෙන් ජයගැනීමෙන් අනතුරුව පොදු ජන සන්ධානයේ ආණ්ඩුවට එක්වීමට සැලසුම් කර ඇති බව තමාට දැනගැනීමට ඇති බවත් එවැනි තත්ත්වයකට කිසිදු ඉඩක් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
දිලිනි සමන්මලි