එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අද (27) දින සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබු නමුත් එය කල් තබා ඇති බව එම පක්ෂය පවසයි. අද දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන පිළිබඳව සාකච්ජා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට නියමිතව තිබිණි.
එසේම පසුගිය 21 වැනි දා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් රුවන් විජේවර්ධන කමිටු වාර්තාව පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට එහිදී යෝජනා කර තිබුණි.
මේ අනුව අද පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට සැලසුම් කර තිබුන ද එය පසුදිනක පැවැත්වීමට තීරණය කළ එම පක්ෂයේ ප්‍රකාශකයෙකු අප වෙත පැවසිය.