27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව නියමිත කාලය පෙර විසුරුවන්නට අපි සහාය දෙන්නේ නෑ – ඇමැති අජිත්

නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට එක්සත් ජාතික පක්ෂය සහාය නොදන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) දින මාධ්‍ය හමුවකට එක්වෙමින්. අමාතවරයා කියා සිටියේ 2020 වසර තෙක් පාර්ලිමේන්තුවේ ධුර කාලය පවතින බවත් ඊට පෙර පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවයි. එසේම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *