• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාපය ගෙන ආ ඇක්සා ගිවිසුම වහාම අහෝසි කරන්න සහාය ලබා දෙනවා – ජවිපෙ

9 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්ධනය වන මැදපෙරදිග යුදමය තත්වය වෙත කඩිනමින් අවධානය යොමු කරමින් රටට අහිතකර ගිවිසුම් අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ලිපියක් ඉල්ලා සිටි.

එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ මැදපෙරදිග වර්ධනය වෙමින් පවතින මෙම යුදමය තත්වය තුළ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවද මෙම යුද්ධයේ පාර්ශ්වකරුවෙකු කරගනීමට පැහැදිලි ඉඩක් ඇති බැවින් එවැනි තත්වයක් ඇතිවීමට පෙරාතුවම එය වැළැක්විය යුතුව ඇති බවයි.

එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීත්වයට සැබෑ ලෙසම තර්ජනයක්ව පවතින 1995දී අත්සන් කරන ලද සෝෆා ගිවිසුමත්, ඔබතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියෙදී 2007දී අත්සන් කළ සහ 2017දී එ.ජා.ප. ආණ්ඩුව විසින් දීර්ඝ කළ ඇක්සා ගිවිසුමත් වහාම අහෝසි කරන ලෙසත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන ලෙසත් අප මහත් ඕනෑකමින් ඉල්ලා සිටින බව එම ලිපියෙහි සඳහන් කර තිබේ.

එවැනි යෝජනාවකදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඡන්දය පළ කිරීමට සූදානම් බවද අදාල ලිපිය මඟින් සඳහන් කර තිබේ.

 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

ජනාධිපතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය
කොළඹ.

 

ගරු ජනාධිපතිතුමනි,

වර්ධනය වන මැදපෙරදිග යුදමය තත්වය වෙත කඩිනමින් අවධානය යොමු කරමින් රටට අහිතකර ගිවිසුම් අහෝසි කරන ලෙස ඉල්ලීමයි

ඇමරිකානු එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව දියත් කරනු ලැබ ඇති යුදමය තත්වය වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව විශාල ගැටලුවකට මුහුණ දී ඇතැයි අපි සිතමු. මන්ද දැනටමත් ශ්‍රී ලංකාව ඇක්සා (ACSA) හා සෝෆා (SOFA) නමින් වන ආරක්ෂක ගිවිසුම් දෙකක් ඇමරිකානු එක්සත් ජනපදය සමග අත්සන් කරනු ලැබ ඇති බැවිනි. මෙම ඇක්සා ගිවිසුම මගින් ඇමරිකානු එක්සත් ජනපදය විසින් සිදු කරනු ලබන යුද කටයුතුවලදී ඇමරිකානු හමුදාවන්ට අවශ්‍ය කරන සේවාවන් ලබාදීමට, එනම් ශ්‍රී ලංකාවේ වරායන් ගුවන්තොටුපළවල්, ඉන්ධන, සන්නිවේදන පහසුකම් ලබාදීමට බැඳී සිටියි.

විශේෂයෙන් සෝෆා ගිවිසුම මගින් ඇමරිකානු හමුදාවන්ට පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමටත් ආපසු යාමටත් ඔවුන්ගේ යුද ගුවන්යානා හා අනෙකුත් උපකරණ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත් එසේම ලංකාවේ පාලනයට යටත් නොවන ඔවුන්ටම ආවේණික සන්නිවේදන පද්ධතියක් පවත්වා ගැනීමටත් ආදී වශයෙන් යුද්ධයකට අවශ්‍ය කරන සියලු කටයුතු සිදු කිරීමට ඉඩ ලැබේ.

වර්තමානයේ එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කරනු ලැබුවේ ඉරානයේ විශේෂ හමුදා ප්‍රධානියෙකු ඝාතනය කිරීම මගින් වන අතර ඒ සඳහා ඇමරිකාව විසින් යොදා ගනු ලැබුවේ, 2014 වර්ෂයේදී ඉරාක රජය සමග එක්සත් ජනපදය විසින් අත්සන් තබන ලද සෝෆා ගිවිසුම මගින් ලබා දී ඇති බලතලයි. එනම් එක්සත් ජනපද හමුදා ඉරාකය තුළ රැඳී සිටින අතරම එම රැඳී සිටීමට අදාළ කඳවුරු සහ එම රැඳී සිටින කාලය තුළ භූමිය, සන්නිවේදන පහසුකම් ආදී ඉරාකයේ සම්පත් භාවිත කිරීමට ලබා දී ඇති අවසරයයි.

මෙවැනි තත්වයක් තුළ සෝෆා ගිවිසුම අත්සන් කරන ලද සෑම රටක්ම මෙම අභියෝගයට මුහුණ දී ඇති අතර එක්සත් ජනපදය විසින් බලහත්කාරී ලෙස හා රටවල්වල ස්වෛරීත්වය නොසලකා සිදු කරන කටයුතුවලින් මේ බව ඉතා හොඳින් පැහැදිලි වේ. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පසු ඉරාක පාර්ලිමේන්තුව ඇමරිකානු හමුදා රටින් නොරපීමට තීන්දුවක් ගනු ලැබූවද එක්සත් ජනපදය එම තීන්දුව පිළිගැනීමට සූදානම් නැත. ඒ වෙනුවට ඔවුන් ඉරාකයට එරෙහිව සම්බාධක පනවන බවට තර්ජනය කර තිබෙන බැවින් මෙම සෝෆා ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු ඒවායින් ඉවත්වීම පහසු නොවන බව ඉතා පැහැදිලි කරුණක් බවට පත්ව තිබේ.

මැදපෙරදිග වර්ධනය වෙමින් පවතින මෙම යුදමය තත්වය තුළ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවද මෙම යුද්ධයේ පාර්ශ්වකරුවෙකු කරගනීමට පැහැදිලි ඉඩක් ඇති බැවින් එවැනි තත්වයක් ඇතිවීමට පෙරාතුවම එය වැළැක්විය යුතුව ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීත්වයට සැබෑ ලෙසම තර්ජනයක්ව පවතින 1995දී අත්සන් කරන ලද සෝෆා ගිවිසුමත්, ඔබතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියෙදී 2007දී අත්සන් කළ සහ 2017දී එ.ජා.ප. ආණ්ඩුව විසින් දීර්ඝ කළ ඇක්සා ගිවිසුමත් වහාම අහෝසි කරන ලෙසත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන ලෙසත් අපි මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු. එවැනි යෝජනාවකදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ඒ වෙනුවෙන් ඡන්දය පළ කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් කළ හැකි සියලු මැදිහත්වීම් සිදුකිරීමට සූදානම් බවත් මෙයින් වැඩිදුරටත් දන්වා සිටිමු.

ස්තූතියි,
බිමල් රත්නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී
2020.01.09

 

 

දිලිනි සමන්මලි 

Post Views: 5
Previous Post

ජනාධිපති ගෝඨාභය හදිසියේ ම ජාතික රෝහල ට…

Next Post

ලංකා සතොස සභාපති ලෙස නුෂාඩ් පෙරේරා පත් කරයි

editor

editor

Next Post

ලංකා සතොස සභාපති ලෙස නුෂාඩ් පෙරේරා පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved