27 April 2024
#දේශීය

ජනාධිපති ගෝඨාභය හදිසියේ ම ජාතික රෝහල ට…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (09) උදෑසන කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී ය.

ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇති අතර, එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා ඇත.

එහිදී අදාළ රෝගීන් තමන් පදිංචි ප්‍රදේශවල පවතින රෝහල්වල ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එසේම රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද ජනාධිපතිවරයා රෝහලේ මේ වන විට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.

* Written by : Janith Vipulaguna

Leave a comment

Your email address will not be published. Required fields are marked *