27 April 2024
#දේශීය

ලංකා සතොස සභාපති ලෙස නුෂාඩ් පෙරේරා පත් කරයි

ලංකා සතොස ආයතනය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් නුෂාඩ් එම්. පෙරේරා මහතා පත් කර ඇත.

ලංකා සතොස ආයතනය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වශයෙන් පත් කරනු ලැබු නුෂාඩ් එම්. පෙරේරා මහතා අලෙවි වෘත්තිකයෙකු වශයෙන් වසර තිහක පලපුරුද්ද ඇති අයෙකි.

ඩයලොග් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාජිකයෙකු සහ සුදුසුකම් ලත් අලෙවි වෘත්තිකයෙකු වීම සහ එම ආයතනයේ ආරම්භක කණ්ඩායමේ අලෙවි නිලධාරියෙකු ලෙස ක්‍රියා කළ ඔහු ඩයලොග් රූපවාහිනි නාලිකාවේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරි සහ ඩයලොග් සමූහ ව්‍යාපාරයේ සංඛ්‍යාංක සේවා ප්‍රධානි වශයෙන් ද සේවය කළේය.

සංඛ්‍යාංකික ක්ෂේත්‍රයට අදාළව මැලේසියාවේ දි ආචාර්ය උපාධිය ලබා ඇති අතර 1998 සිට ඩයලොග් ශාඛා පුළුල් කිරීමේ කටයුතු මෙහෙයවා ඇත.

මැලේසියාව, ඉන්දුනිසීයාව, නේපාලය සහ බංගලාදේශය යන රටවල දී විශේෂ කාර්යය පැවරුම් ඉටු කර ඇති නුෂාඩ් එම්. පෙරේරා මහතා වෘත්තිකයෙකු වශයෙන් අත්දැකීම් රාශියකින් හෙබි අයෙකි.

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *