එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද(03) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැත්වීමට නියමිතයි. එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ මෙම සම්මේලනය පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.
එසේම මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා ස්ථිර කිරීම මෙහිදී සිදුවෙයි.