27 April 2024
#දේශීය

අතේ භාගයක් හංසයාට … භාගයක් පොහොට්ටුවට…. මෛත්‍රි තනි වෙයි ..

මෙවර ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් විවිධ පක්ෂ නියෝජිතයින් විසින් පිල් බෙදීම් මේ දිනවල සිදු කරනු ඇත. මේ අතර 2015 හංසයා ලකුණින් තරඟ කර ජනාධීපති වු මෛත්‍රිපාල සිරිසේන හට සිදුව ඇත්තේ කුමක්ද?

ඔහු තම ජනාධිපති ධුරයේ අවසන් දින කිහිපය ගත කරනු ඇත. රාජ්‍ය නායකයා වශයෙන් අවසන් දින කිහිපය තුළදී පෙරළියක් සිදු නොකරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මේ මෙවර ජනාධිපති සටනට මෛත්‍රිපාල එක්නොවනු බව මේ වනවිට ස්ථිරය. මෛත්‍රිගේ සමීපතයෙකු වු ශිරාල් ලක්තිලක පවා මේ වන විට එජාපයේ ජනපති අපෙක්ෂකයාට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර පවා මේ වන විට සජිත් ප්‍රේමදාස හට සහාය දැක්වීම්ට එක්ව තිබේ.

ඉදිරියේදී මෙම සහාය ලබා දෙන පිරිස් අතරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පිරිසෙන් අඩක් සජිත්ටත් ඉතිරි පිරිස ගෝඨාභයට සහාය දැක්වීමට කටයුතු කරනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර බොහෝ විට මෛත්‍රිපාල සිරිසේන ලඟ දයාසිරි ජයසේකර පමණක් ඉතිරිවනු ඇති බව වාර්තා වේ. ඒ් පසුගිය දිනවලදී දයාසිරි විසින් එක්සත් ජාතික පක්ෂයටත් පොදු ජන පෙරමුණටත් සිදු කරනු ලබන ප්‍රකාශ හේතුවෙන් බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *