• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එදා කාන්තාව ආරක්ෂා නොකරපු ගෝඨා අද කිඹුල් කදුළු හලන බව අගමැති රනිල් කියයි

28 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් කාන්තාවන් දූෂණය කරද්දී, කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගත් ආරක්‍ෂක ලේකම්වරයා අද කාන්තාවන් ආරක්‍ෂා කිරීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ දී පැවැති කාන්තා සම්මේලනය අමතමින්.

කොළඹ, කාන්තා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැති වෘත්තීයවේදී කාන්තා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ කාන්තාවන් වෙනුවෙන් මෙතෙක් සාධනීය මෙහෙවරක් ඉටු කළේත්, අනාගතයේදී ඉටු කරන්නේත් එක්සත් ජාතික පක්‍ෂය විසින් බවය. ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයත් සමගම කාන්තාවන් වෙනුවෙන් විශේෂ සැලසුම් රාශියක් ක්‍රියාත්මක කරන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ” පසුගිය රාජපක්‍ෂ පාලන කාලය තුළ ප්‍රාදේශීය සභා සභාපතිවරු කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට කටයුතු කළා. තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ කාන්තා දූෂණ සිද්ධිය රටේ සියලූ දෙනාමටම දැනගන්න ලැබුණා. මෙවැනි කාන්තාවන් දූෂණය කිරීම් හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් වාර්තාවී තිබුණත් ඒ කිසිවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ. එලෙස නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව පොලීසිය අයත් අමාත්‍යංශ ලේකම්වරයා පරීක්‍ෂණ පැවැත්වූයේ නැහැ. ඒ කාලය තුළ පොලිසිය අයත් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදෙනවා දැයි කියා මම මේ රටේ කාන්තාවන්ගෙන් විමසන්න කැමැතියි. වසර 10 ක රාජපක්‍ෂ පාලන කාලය තුළ දේශපාලනඥයින් විසින් කාන්තාවන් දූෂණය කිරීම හා කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන විට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට අමාත්‍යවරයා හා ලේකම්වරයා එක්ව දූෂකයන්ව ආරක්‍ෂා කිරීමට ක්‍රියා කළා. එම ක්‍රියාවලට සම්බන්ධ වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඔවුන් සිරගත කිරීමට ක්‍රියා කළේ නැහැ. දූෂකයන් තම තමන්ගේ දූෂණ සාද පවත්වමින් සැමරුවා. එවන් තත්වයක් උදා කළ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා වශයෙන් පත් කරන ලෙස දැන් ඔවුන් ඉල්ලා සිටිනවා. එලෙස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති බවට පත්වුවහොත් කාන්තාවට ආරක්‍ෂාවක් ලැබෙනවාද, කාන්තාවන්ට ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවාද? ජාතියෙන් සියයට 52 ක් නියෝජනය කරන කාන්තාවන්ට අරක්‍ෂාව සැපයීමට ක්‍රියා නොකළ පුද්ගලයෙකුගෙන් ජාතික ආරක්‍ෂාවක් ලබා ගත හැකිද? කාන්තාවන් වෙනුවෙන් සාධනීය මෙහෙවරක් ඉටු කළේ අපියි. ඒ සාධනීය මෙහෙවර ඉදිරියට ගෙන යමින් කාන්තාවන්ට ආරක්‍ෂාව සහ නිසි ගෞරවය තවදුරටත් ලබා ගැනීම උදෙසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.” යැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රමුඛ දේශපාලනඥයින්, කොළඹ දිස්ත්‍රික් කාන්තා නියමුවරියන්, කාන්තා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කාන්තා වෘත්තිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

 

Post Views: 11
Previous Post

අයි.එස්. නායක අබු බකර් මිය ගිය බව අමෙරිකා ජනපති තහවුරු කරයි

Next Post

ජනපති නගින වේදිකාවේ ‘……… හු කියා විද….?

editor

editor

Next Post

ජනපති නගින වේදිකාවේ '......... හු කියා විද....?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved