27 April 2024
#විදෙස්

අයි.එස්. නායක අබු බකර් මිය ගිය බව අමෙරිකා ජනපති තහවුරු කරයි

අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තහවුරු කරමින් නිවේදනය කරයි.

අයි.එස්. නායකයා අල්ලා ගැනීම සඳහා කරන ලද මෙහෙයුමට රුසියාව, සිරියාව, තුර්කිය සහ ඉරාකය සහාය දුන් බව අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා කියා සිටියේ මෙම මෙහෙයුමේදී අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් සහ ඊට සහාය දුන් විශාල පිරිසක් මියගිය බවත්ය. එසේම අයි.එස්. නායකයා මියගියේ ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *