27 April 2024
#දේශීය

ජනපති නගින වේදිකාවේ ‘……… හු කියා විද….?

ජපානයේ නිල සංචාරයක නිරත වු ජනාධිපතිවරයා ඊයේ (27) දින මෙරටට පැමිණ ඇති අතර අද දිනයේදී පොලොන්නරුවේ පැවැත්වෙන දේශපාලන වේදිකාවට ගොඩවීමට සුදානම් වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙය පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ වේදිකවක් බව වාර්තා වේ. අද දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම වේදිකාවට ගොඩ වනු ඇති බවත් එහිදී යම් හෙයින් ඔහුට හු කීමට සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ අද දිනයේදී එම ක්‍රියාව කෙසේ හෝ නතර කිරීමට කටයුතු කරන බවයි. අද දහවල් පැවැත්වෙන මෙම රැස්වීමට අදාළව සිටින්නාවු මන්ත්‍රීවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් යම් ආකාරයේ අයහපත් ප්‍රතිචාර ලැබීමක් ඇති බවත් ඇතැම් පිරිස් ගෝඨාභයගේ වේදිකාවට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි නොකරන්නා ලෙස ද ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කිහිපයක් සිදු කරනු ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග කියා සිටින අතර එහිදී යම් දේශපාලන බල කදවුරුවට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමක් පවතින බව දැන ගන්නට ඇත.

පෙර පුවත

28 වනදා තීරණාත්මකයි …. ! මෛත්‍රි පොලොන්නරුවෙන් නගින්නේ සජිත්ට …! ගෝඨාටද..?

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *