8 September 2024
#දේශීය

ඕනෑම ජනවර්ගයකට ගෞරවනීයව ජිවත් වීමට එජාපය හැමවිමට කැප වෙනවා – අගමැති

ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් යෝජනා කර ඇති බලය බෙදා ගැනීම හා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යන සංකල්පයන් සඳහා එක්සත් ජාතික පක්ෂය හැමවිටම කැපවී ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) වෙනිදා යාපනය ගුරුනගර් ධීවර වරායේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින්. අග්‍රාමාත්‍යවරයෙක් ගුරුනගර් ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

රටේ බහුතර හෝ වේවා, සුළුතර හෝ වේවා ඕනෑම ජනවර්ගයකට අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ අවකාශය උදාකරලීම තමාගේත්, තම පක්ෂයේත් අභිප්‍රාය බවය. එසේම දෙමළ ජනතාවට සිය එදිනෙදා කටයුතු පිළිබඳව ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය හිමිවිය යුතු බව තමන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වර්තමානයේ රට තුල පැසොවමින් පවතින සමහර ප්‍රශ්න වලට තිරසර දේශපාලන විසඳුම් ලබාදිය යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා ඒ විසදුම් ලබාගැනීම සඳහා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

බහුතර බලය ලබාගැනීමට ශක්තියක් වන ලෙස වික්‍රමසිංහ මහතා උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. එම්. සුමන්තිරන්, ශ්‍රී සරවණභවන්, හිටපු උතුරු පළාත් සභා සභාපති සී.වී. කේ. සිව ඥානම්, යාපනය නගරාධිපති ආනෝල්ඩ්, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෙඣීවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී.සිව ඥාණසෝති, යන මහත්ම මහත්මීන් ද, ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *