27 April 2024
#දේශීය

කිසිදු රාජ්‍ය ආයතනයක් රජයට බරක් නොවී පවත්වාගෙන යාම සියළු දෙනාගේ වගකීමක් – රාජ්‍ය ඇමැති රෝහණ

සියලු මහජන සේවාවන් අත්නොහැර එම සේවාවන් හැකි උපරිම අයුරින් පවත්වාගෙන යන අතරම කිසිදු රාජ්‍ය ආයතනයක් රජයට බරක් නොවී පවත්වාගෙන යාමට අවකාශය සැලසීම මහජන නියෝජිතයින් වන අපගේ වගකීමක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉතුත් 05 වන දින ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට අයත් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ හදිසි සංචාරයක් සදහා එක්වෙමිනි.

මෙහිදී රැස්ව සිටි නිලධාරී මහත්ම මහත්මීන් සමග ආයතනයේ සංවර්ධනය විය යුතු අංශයන් පිළිබදව සහ දැනට ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට අවැසි ක්‍රියාමර්ගයන් පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කළා.

මෙම අවස්ථාව සදහා නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රසංග උදයකාන්ත මහතා ඇතුළු ආයතනික නිළධාරී මණ්ඩලය සමගින් විශාල පිරිසක් එක්ව සිටිහය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *