27 April 2024
#දේශීය

IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මේ වසරේ අග ලැබෙනු ඇතැයි විශ්වාසයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග පැවැති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එලඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු බහුතර ණය හිමියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නීති උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන්ගේ සහය ද ලැබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

එසේම විශේෂයෙන් ම රජයක් විදියට අප පසුගිය මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඇතුළත් වීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රාශියක් අපේ රටේ සිදු කරල තිබෙන බව හෙතෙම පැවසිය.

එතුළින් අප බලාපොරොත්තු වෙන්නෙ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට රැගෙන ඒම සහ ණය ගෙවා ගැනීමට අපහසු මට්ටමේ සිට ණය ගෙවිය හැකි රටක් බවට පත් වීම බවත් සියලු ණය හිමියන්ට සාධාරණ හා සමානව සලකමින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට එකඟතාව පළ කරල තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව කිසිදු රටක් කොන්දේසි ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළ සේමසිංහ මහතා කියා සිටියේ ණය හිමි රටවල් ශ්‍රී ලංකාවට පිටුපානු ඇතැයි රජය විශ්වාස නොකරන බවයි.

එසේම මේ ක්‍රියාවලිය සංකීර්ණ බවත් පහසු එකක් නොවන බව ඔහු අනාවරණ කලේය.

ඒ ක්‍රියාවලියේ අපි බොහෝ දුර ගමන් කරල අවසාන අදියරේ සිටින බවත් ණය හිමියන්ට තවදුරටත් තොරතුරු අවශ්‍යය බවත් රාජ්‍ය අමාතයවරයා කියා සිටියේය.

පසුගිය මස 14 වැනි දා අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී මෙහි පළමු සාකච්ඡා වටය පැවැත් විණි. එහි දෙවැනි වටයේ සාකච්ඡා පැවැත් වුණේ පසුගිය (03) දා ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *