නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පිළිගෙන තිබේ.
එසේ ම දැනට සීමාකාරී පවතින ආර්ථික ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ගැන ද ඔහු සඳහන් කර ඇත.
ඒ ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයක් හරහා ය.
සමාජ මාධ්‍යට ප්‍රකාශයක් කරමින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට සහ නැවත ඇති වීම , දෙවන රැල්ලක් ඇති වීම පාලනය කිරීමට නම් වැඩි වැඩියෙන් පරීක්ෂණ සිදුකළ යුතු බවයි.
මේ වන මෙරට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ද එම නිවේදනයේ පෙන්වා දී ඇත. වෛරසය ව්‍යාප්තවීම පාලනය කර ගනු ලැබූ රටවල් රැසක අත්දැකීම් ගෙනහැර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මෙරට දෛනික පරීක්ෂණ ප්‍රමාණය 3000ක් දක්වා වත් වැඩි කළ යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.