• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් නිසා වැටුණු ආර්ථිකය හදන්න ජනාධිපති නව සැලසුම් දියත් කරයි

6 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

COVID 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. කාර්ය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටී.

මැයි 11 දා සිට යළි යථා තත්වයට පත් කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකය ද නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රථම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇඟලුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

COVID 19 වෛරසය මර්දනය කර නැගී සිටින රටවල් ඉලක්ක කර ගනිමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 මර්දනය ට ශ්‍රී ලංකාව ගත් විධිමත් ක්‍රියාමාර්ග සෙසු රටවලට පෙන්වා දෙමින් දේශීය සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා (medical tourism) සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට පිළිවන.

අන්තර්ජාතිකව පිළිගත් සෞඛ්‍ය සහතිකයක් සමග වීසා නිකුත් කර වැඩියෙන් වියදම් කිරීමේ හැකියාව ඇති සංචාරකයන් ගෙන්වා ගැනීමට සැලසුම් කළයුතුය.

ඇතැම් රටවල සංචාරකයෝ ශීත සෘතුවේ දී දිගුකාලයක් සඳහා වෙනත් රටවලට යති. එවැනි සංචාරකයන් ඉලක්ක කර දිගුකාලීන සංචාරකයන් (long term Tourists) ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය කඩිනමින් නගා සිටුවිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දේශීය සංචාරක ව්‍යාපාරය (domestic tourism) ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් හෝටල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ හැකියාව ද කෙරෙහි ද අවධානය යොමු විය.

වරාය නගරය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය කේන්ද්‍ර කර ගනිමින් විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට ඇති හැකියාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදේශ ණය වෙනුවට ආයෝජන ඉඩ ප්‍රස්ථා සැලසුම් කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරනු ලැබීය.

ගත වූ සති කිහිපය තුළ නව නිර්මාණ රැසක් මෙරටින් බිහිව තිබේ. ඒවා ලෝක වෙළෙඳපොළට හඳුන්වාදෙමින් නව නිපැයුම් අපනයන ආර්ථිකයට දායක කර ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ජනාධිපතිතුමාගේ අරමුණු ඉටුකර ගැනීමට නව දැක්මක් මත කටයුතු කිරීමට තම ජනාධිපති කාර්ය සාධක බලකායට ශක්තිය ඇති බව සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහ දැනට පවත්වාගෙන යන මහා, මධ්‍ය, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට රජයේ සහාය පූර්ණව ලබාදීමට තම බලකාය මැදිහත්වන බව කාර්ය සාධන බලකායේ ප්‍රධානියා කීය.

මැයි 11 දා සිට පෞද්ගලික ආයතනවල කාර්යාල පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස දැනුම් දී තිබුණ ද කර්මාන්ත කටයුතු සිය අවශ්‍යතාව මත පවත්වාගෙන යා හැකිය.

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවයේ නිරත කිසිදු අයෙකුට රැකිය අවස්ථා අහිමි නොවී රට ඉදිරියට ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ගද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විශාල පිරිසක් ලෝකයේ බොහෝ රටවලට ගොස් ඇති බව මෙරටට පැමිණීමට කර ඇති ඉල්ලීම් මගින් අනාවරණය වී තිබේ. ඉන් රටින් පිටව ගිය විනිමය සංචිත අතිවිශාලය. උසස් අධ්‍යාපන ආයතන සදහා ආයෝජන අවස්ථා පුළුල් කර එම මුදල් මෙරට රඳවා ගැනීමට ඇති හැකියාව මෙන්ම විදේශ රටවල සිසුන් ද මෙරටට ගෙන්වා ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වසරකට ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැය කෙරේ. ඉන් බොහොමයක් ඖෂධ මෙරටදී නිෂ්පාදනය කළ හැකිය. ඊට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකිම ද ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ වර්ග රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට කැබිනට් අනුමැතිය

Next Post

ආර්ථිකය හදන්න ජනාධිපති ලේකම් රාජ්‍ය සේවක වැටුප් පරිත්‍යාගයක් ඉල්ලයි

editor

editor

Next Post

ආර්ථිකය හදන්න ජනාධිපති ලේකම් රාජ්‍ය සේවක වැටුප් පරිත්‍යාගයක් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved