27 April 2024
#දේශීය

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට කැබිනට් අනුමැතිය

පවතින තත්ත්වය මත මැදපෙරදිග විසා කාලය ඉකුත් වු ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමි වු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අමාත්‍යවරයා සඳහන් කළේ මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක යළි දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

එසේම මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කරමින් සිටින බව හෙතෙම පැවසිය.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *