පුත්තලම – කුරුණෑගල මාර්ගයේ මැල්ලන්කුලම හන්දියේදී නවීන පන්නයේ මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණ යුවළක් පුත්තලම මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැටලීම් ඒකකය මගින් අද (01) අත්අඩංගුවට ගනු ලැබීය. මාසයක පමණ කාලයක් තිස්සේ සිදුකළ රහසිගත විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ අසූවකට අධික බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ආණමඩුව, මහ උස්වැව පදිංචි 23 සහ 28 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් වසර ගණනාවක සිට පුත්තලම සහ ආණමඩුව ප්‍රදේශවල තරුණයින් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව හෙළි වී තිබේ. මොවුන් විදේශ රටවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දේශීය පාතාල කල්ලි සමඟ සෘජු සබඳතා පවත්වමින් ජාලගතව මෙම ව්‍යාපාරය සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත. සැකකාර යුවළ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.














