• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ගෑස් මිල නග්ගන්න දෙන්නේ නෑ – ඇමැති රිෂාඩ්

19 October 2018
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (18 ) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරීන් හා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් හමුවී කරන ලද සාකච්ඡාවේදීය.

මෙහිදී ගෑස් සැපයුම්කරුවන් සඳහන් කර සිටියේ දැනට ක්‍රියාත්මක ගෑස් මිල ක්‍රමවේදය පිළිබඳව තමන් එකඟ වන බවයි. නමුත් ගෑස් මිලට බලපාන එක් සාධකයක් වන ප්‍රවාහන වියදම තමන්ට ගැටලුවක් බවත්, අඛණ්ඩව ඩීසල් මිල වැඩි වීම ඉහත සඳහන් ගෑස් මිල ක්‍රමවේදයට ගැටලුවක් වී ඇති බවත් ඔවුන් සඳහන් කළේය.

එම නිසා ගෑස් මිල තීරණ ක්‍රමවේදයට, ගෑස් ප්‍රවාහනය ආශ්‍රිත වියදම්ද ඇතුළත් කර ගාස්තු තීරණයක් ලබා දෙන මෙන් ගෑස් සැපයුම්කරුවන් ඉල්ලා සිටිනු ලැබීය.

දැනට ලංකාවේ පවතින ගෑස් සැපයුම්කාර සමාගම් දෙක පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කරන ලද මිල ක්‍රමවේදය අනුගමනය කරන බවත්, එම මිල ඉක්මවා අලෙවි නොකරන බවටත් එකඟතාවයකින් බැඳී සිටී. එම නිසා ගෑස් මිලේ වෙනසක් කිරීමට පෙර පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසර ලබා ගත යුතුය.

පසුගිය සැප්. 27 දා ගෑස් මිල නියාමනය කිරීම මගින් ගෑස් සඳහා උපරිම සිල්ලර මිලක් ලබා දී තිබේ. එයට ප්‍රවාහන වියදම්ද ගලපා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට බලපැවත්වන පරිදි මිල දර්ශනයක් ලබා දී තිබේ. මෙයට ප්‍රවාහන වියදම්ද ඇතුළත් කරමින් නියාමනය කර තිබේ.

මේ නිසා නැවතත් ගෑස් මිල වැඩි කිරීමෙන් පාරිභෝගිත ජනතාවට අසාධාරණයක් වන බවත්, එම නිසා ගෑස් මිල වැඩි කිරමට ඉඩ දිය නොහැකි බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කරන ලදි.

නමුත් ගෑස් සැපයුම්කරුවන්ගේ ගෑස් ප්‍රවාහන වියදම් තුලනය කිරීම ආශ්‍රිත ඉල්ලීම ජීවන වියදම් කමිටුවට හා මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමට පියවර ගන්නා බවත්. එසේම මෙම යෝජනාව ගැන පාරිභෝගික කටයුතු අධිකාරිය අවධානය යොමු කර හා විශ්ලේෂණය කර මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම සාකච්ඡෘවට ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක, පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ෆවුසර් ෂෙරීෆ්ඩීන්, ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරීන් හා ගෑස් සැපයුම්කරුවන්ද සහභාගී විය.

Post Views: 3
Previous Post

රනිල් නැති ආණ්ඩුවකටනම්….. හා …. හිටපු ඇමැති චන්දිම කියයි

Next Post

මහ කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය තිස්සමහාරාමයේදී

editor

editor

Next Post

මහ කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය තිස්සමහාරාමයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved