27 April 2024
#සංවර්ධන

මහ කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය තිස්සමහාරාමයේදී

2018 මහ කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය ඔක්තෝම්බර් 29 දින තිස්සමහාරාම ල සඳගිරිගොඩ වෙල් යායේදී පවත්වන බව කෘෂිකර්මාන්ත අමාත්‍යංශය පවසයි.  පැරණි හෙළ සිරිතට අනුව මහ කන්නය අස්වැද්දීමේ දී වප් මඟුල් උත්සවයක් පවත්වා ඇති බව ඓතිහාසික මූලාශ්‍ර වලින් හෙළි වී තිබේ.

ඒ අනුව වර්තමානයේ ද මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන විට රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් වප් මඟුල් උත්සවයක් පැවැත්වීම අඛණ්ඩව සිදු කර ඇත.

ඒ අනුව 2018 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් මෙවර වප් මඟුල් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍යරාජයන් වහන්සේ අභියස පිහිටි සඳගිරිගොඩ වෙල් යායේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2018 මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීමට ප්‍රධාන ජලාශවලින් වාරි ජලය නිකුත් කිරීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝම්බර් මස 27දායීන් පසුව වන බැවින් කුඹුරු අස්වැද්දීමේ කටයුතු වර්ෂා ජලයත් උපයෝගී කර ගනිමින් සිදු කිරීම තුළ වාරි ජලය කළමනාකරණය කර ගැනීමේ පසුව ලැබේ. එම නිසා 2018 මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම සඳහා වන වප් මඟුල් උත්සවය හෙළ සිරිත් විරිත් අනුව යමින් ඔක්තොම්බර් 29 දින පෙගව 9ග30ට පැවැත්විමට අදාලව සියලු කටයුතු මේ වන විට සංවිධානය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදා ගැනීම සඳහා ගොවීන් උනන්දු කරවීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම ජාතික වප් මඟුල් උත්සවය යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *