• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෙවුණු සිවුවසරක් පුරා රට ට අත් කළ විනාශයට සිරගතවිය යුත්තෙක් හංසයාගෙන් ඡන්දය ඉල්ලනවා : කුමාරසිරි හෙට්ටිගේ කියයි

30 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසු ගිය 2005 දී ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්තවාදය අවසන් කර රටේ වේගවත් සංවර්ධනයක් හා සාමකාමී පරිසරයක් ඇති කළේ ,දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළි ගැනීම් නොකර” පළමුව රට ” යන උදාර පරමාර්ථයෙන් ක්‍රියා කළ නිසා බවත්යහපාලන ආණ්ඩුව” බලය ගෙන සිදු කළේ රටේ දියුණුවට වැඩ කළ රාජපක්‍ෂලා හා රණවිරුවන් ඇතුලු කීර්තිමත් රාජ්‍ය නිලධාරීන්ගෙන් පළි ගැනීම පමණක් බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පැවැසීය.

එම දුෂ්ට අරමුණ ඇතිව ”යහපාලන ආණ්ඩුව” වසර හතරකට වැඩි කාලයක් රට පාලනය කිරීම නිසා අපට ඉතිරි වී ඇත්තේ හැම පැත්තකින් ම විනාශ වී ගිය රටක් බව කී ඒ මහතා ,එය ගොඩ ගැනීමට ඇති එකම මග පාදා ගත හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත් කර ,මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වන ආණ්ඩුවකින් යැයි ද සඳහන් කළේය .

ඔහු මේ බව සඳහන් කළේ ,පල්ලේගම – මෙදේරිපිටිය ,කොළවෙනිගම – ගංගොඩ ,ඕලකන්ද ,හක්මන – කිරිලිපන ,පට්ටිගල – දල්ලන්ද වත්ත ,හා කොටපොළ – හිඟුරුපනාගල ,ලිඳ ගාව හේන ,ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් ” ඉදිරි ජනාධිපතිවරණය හා රටේ අනාගතය ” මැයෙන් පැවැති සුහද හමු 8 කට සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” ආණ්ඩුවක් රටේ සුබ සෙත වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ .යහපාලන ආණ්ඩුව කළේ රට අමතක කර ඔවුන්ගේ බලය සඳහා වැඩ කිරීම පමණයි .රටට වැඩ කළ අයගෙන් පළි ගැනීම ඔවුන්ගේ එකම අරමුණ වුණා .

ආණ්ඩු කරන විදි දෙකක් තිබෙනවා .අනාගත දැක්මක් ඇතිව ,රටට ජාතියට ආදරයෙන් ආණ්ඩු කිරීම එකක් .අනිත් ක්‍රමය කිසිදු දැක්මක් නැතිව රට ජාතිය ගැන නොසිතා රට අවුල් කරමින් ආණ්ඩු කිරීම .යහපාලකයන් අනුගමනය කළේ දෙවැනි ක්‍රමයයි .ඒ නිසා රට අනාරක්ෂිතව අගාධයට ගියා .හෙටක් ගැන නොසිතා ජීවත් වීමට තරම් ජනයා දැන් අසරණ වෙලා .

සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම අක්‍රීයයි .ජනයාගේ ප්‍රශ්න අහන්න කිසිවෙක් නෑ .දුක් බරව සිටින ජනතාව ඉන් ඉක්මනින් මුදා ගන්න ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ .මහින්ද – ගෝඨා සුසංයෝගයෙන් යුත් ආණ්ඩුවක් පොදු ජනතාව ඉල්ලන්නේ ඒ නිසා .රටක් තිබුන තැනින් පහළට ඇද දැමූ නායකයන් අපරාධ කරුවන් ලෙස සැළකිය යුතුයි .ආර්ථික සංවර්ධනය 7.3 % ක් සහිතව මහින්ද රාජපක්‍ෂ මහත්තය අපේ රට එදා යහපාලනයට බාර දුන්නෙ .අද එය 1.2 % යි .අනිත් හැම පැත්තක් ම කඩා වැටිලා .හිතා මතා ම මහ බැංකුව කොල්ල කැවා .මේ අපරාධ කළේ කවුද කියා විභාග වෙන්න ඕනෑ .ඒ වගේම ඔවුන්ට සුදුසු දඬුවම් ලැබෙන්නත් ඕනෑ .එහෙම දඬුවම් ලැබෙන්න ඕන කෙනෙක් හංසයා ලකුණින් ඡන්දය ඉල්ලනවා .සදාචාරය ගැන හිතන්නේ නම් එවැනි කෙනෙක් ජන වරමක් ඉල්ලන්නෙ නෑ .ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය ආදර්ශමත් වෙන්න ඕනෑ .මානව හිතවාදය හද තුළින් ම මතු විය යුතුයි .රටේ මුදුනේ සිට දම් වැලක් සේ පහළට ආදර්ශමත් ජනතා නියෝජිතයන් එක් වූ දවසට මේ රට ලස්සන වෙනවා .ඒ සඳහා යන ගමනේදී දේශපාලන නායකයන්ට මෙන් ම පුරවැසියන්ට ද ඇත්තේ අත් හළ නොහැකි වගකීමක් .ආත්මාර්ථකාමී හැඟීමෙන් දිගු ගමනක් යන්න බෑ .නායකයන්ගේ සෑම ක්‍රියාවක් ම පෙරට වඩා අද වේගයෙන් පොදු ජනයාගේ නෙත ගැටෙනවා .නායකයන් පුරවැසියන් සමඟ විශ්වාසයේ බැම්ම ශක්තිමත් කර ගත යුතුයි .ඒ සඳහා බහුතර ජනයාගේ සිතුම් පැතුම් වලට අනුගත වෙන්න ඕනෑ .යහ පාලකයන් මේ කිසිවක් ගැන සංවේදී වුනේ නෑ .එහි විපාකය ඔවුන්ට ළඟ දීම අත් විඳින්න වෙනවා .

රටට ආදරය කරන නායකයන් හඳුනා ගැනීමත් ඔවුන් ආරක්ෂා කර ගැනීමත් පුර වැසියන්ගේ යුතුකමක් හා වගකීමක් යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

Post Views: 9
Previous Post

කප්පාදු කරන ලද රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප් හිමිකම ගැන නිහඬ අපේක්ෂකයන් විශ්වාස කළ හැකිද?

Next Post

වසන්ත සේනානායකගෙන් එක්සත් ජාතික පක්ෂය ට අභියෝගයක්…

editor

editor

Next Post

වසන්ත සේනානායකගෙන් එක්සත් ජාතික පක්ෂය ට අභියෝගයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved