• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසන්ත සේනානායකගෙන් එක්සත් ජාතික පක්ෂය ට අභියෝගයක්…

30 October 2019
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

හැකිනම් තමා පක්ෂයෙන් හා ඇමතිධුරයෙන් ඉවත්කොට පෙන්වන ලෙසත්, පක්ෂ සාමාජිකත්වයෙන් හෝ අමාත්‍ය ධුරයෙන් තමා කිසිසේත්ම ඉවත් නොවන බවත් වසන්ත සේනානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් සහ ඔහු දරන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ(29) රාත්‍රියේ ප්‍රකාශකිරීමෙන් පසුව, අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මැතිවරණ නීතිවලට අනුව දේශපාලන නොවන කතා පමණක් අමාත්‍යාංශ ගොඩනැඟිලිවල සිදුකල හැකි වුවත් අද දිනයේ දේශපාලනය ගැන කථා කරන නිසා පෞද්ගලික තැනක් ඒ සඳහා යොදා ගැනීමට සිදුවු බවත් ඒ මහතා කියා සිටියේය.

අද දිනයේ තමා මාධ්‍ය හමුව පැවැත්වීමට සිටියේ වෙනත් කරුණක් සම්බන්ධයෙන් බවත් කියා සිටි ඒ මහතා තමාට සතුටුදායක තත්ත්වයක් නොමැති නම් දේශපාලනයෙන් සමුගන්නා බව මීට පෙර පැවසු බවත් සඳහන් කළේය.

තමා ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් අමාත්‍යධූරයෙන් ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වීමට සිටි බවත් පැවසු වසන්න සේනානායක මහතා, ඊයේ(29) රාත්‍රීයේ තමාව පක්ෂයෙන් හා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවට ප්‍රකාශ කළ නිසාවෙන් තමා අමාත්‍යධූරයෙන් කිසිසේත්ම ඉවත් නොවන බවත් පැවසීය.

තමාට අමාත්‍යධූරය ලබා දුන්නේ ජනපතිවරයා බැවින් තමාව ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවත් කියාසිටි ඒ මහතා, “පුළුවන් නම් අයින් කරන්න“ යැයි ද මෙහිදී අභියෝග කර කියා සිටියේය.

තමා සිදුකළ කිසිදු වරදක් පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැති බවත්, තමාට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බවත් කියා සිටි සේනානායක මහතා, තමා දන්නා තරමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් යනුවෙන් සිතාගෙන ප්‍රශ්නයක් ඇසුවා පමණක් යැයි ද මාධ්‍ය හමුවේ දී පැවසීය.

පක්ෂ සභාපතිවරයා වන කබීර් හෂීම් මහතා තමාට ඇමතුමක් ලබා දෙමින් මෙය අත්වැරදීමකින් සිදුවු බවක් පැවසු බවද කියා සිටි වසන්ත සේනානායක මහතා, එසේ සිදුවුයේ නම් මාධ්‍යයට එය පැවසිය යුතු යැයි තමා කියා සිටි බවත් සඳහන් කළේය.

තමාට අවශ්‍ය පිළිතුරු නොලැබීම හේතුවෙන් දේශපාලනයෙන් ඉවත් වීමට අවශ්‍ය වු බවත් පැවසු ඒ මහතා, ඉවත් වීමෙන් අනතුරුව සිවිල් පුරවැසියෙක් ලෙස සජිත් මහතාට සහය දක්වීමට බලාපොරොත්තු වු බවත් කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා ගැන තැබු විශ්වාසය හා ආදරය තවමත් තිබෙන බවත් කියා සිටි සේනානායක මහතා, තමා කිසිදු අවස්ථාවක වෙනත් අයෙකුට උදව් කරන බව නොපැවසු බවත් “දැන් නම් ඒ ගැනත් සලකා බලන්න වෙනවා“ යනුවෙන් ද පැවසීය.

හදිසි තීරණයකින් කිසිදු කෙනෙක් පක්ෂයකින් ඉවත් කළ නොහැකි බවත් කියා සිටි සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය ඇමති ලෙස තමා තවම සිටින බවත් කියා සිටියේය.

අද දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යධූරයෙන් ඉවත් වන බවට වු ලිපිය ජනාධිපතිවරයාට බාර දීමට සිටි බවත්, නමුත් අනෙක් අය ගෝඨාභය මහතාට සහය දක්වන්න යනවාට බිය වී මෙම තීරණය ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

තමා සේනානායක කෙනෙක් බැවින් කිසිදු අවස්ථාවක බිය නොවන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, තවමත් පැදිලිලි තීරණයක් තවමත් ගෙන නොමැති වුවත් කිසිසේත් ගෙදර නොයන බවත් කියා සිටියේය.

නිකරුණේ තමන් ඉවත් වීමට යන විට මේ සිදු කල ක්‍රියාව නිසා කිසිදු අවස්ථාවක ගෙදර හෝ අමාත්‍යාංශයෙන් ඉවත් නොවන බවත් සජිත් මහතාට හෝ වෙනත් අයෙකුට සහය දැක්වීමේ තීරණය තමා ගන්නා බවත් වසන්ත සේනානායක මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Post Views: 11
Previous Post

ගෙවුණු සිවුවසරක් පුරා රට ට අත් කළ විනාශයට සිරගතවිය යුත්තෙක් හංසයාගෙන් ඡන්දය ඉල්ලනවා : කුමාරසිරි හෙට්ටිගේ කියයි

Next Post

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය ජයගනි

editor

editor

Next Post

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය ජයගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved