ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලැබුවහොත් එක්සත් ජාතික පක්ෂයට වසර 25 ක් 30 ක් යනතුරු ආණ්ඩු බලය ලබා ගැනීමට ගත වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ වත්තල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින්.
එහිදී අදහස් දක්වමින් ෆොන්සේකා මහතා කියා සිටියේ ගෝඨාභය දිනුවොත් එජාපයේ ආණ්ඩුවක් පිහිටුවන්න වසර ගණනාවක් ගත වන බවයි.
එය තම ජිවිත කාලයේදී දකින්න නොලැබෙන බවයි. එය හරියට හරීන් ප්‍රනාන්දු වගේ අය ඉදී අවුරුදු 80ක් විතර වී ඇති වන ආණ්ඩුවක් වනු ඇති හෙයින් අනිවාර්යයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය දිනවන්න ඕනෑ බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
DS