27 April 2024
#දේශීය

සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් හදන්න ඕන – ජනපති අපේක්ෂක අනුර කියයි

පාලකයින්ට යුද්ධ අවශ්‍ය බවත් එකම ආරක්ෂක අංශයේ එකම ගිණුමෙන් සිංහල අන්තවාදීන්ටත් මුස්ලිම් අන්තවාදීන්ටත් වැටුප් ගෙවන්නේ කෙසේ ද යන්න පිළිබඳ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා ප්‍රශ්ණ කර සිටි.

යුද්ධය අවසන් වී වසර 05 ක් ගත වන්නට පෙරම, 2014 දී අලුත්ගමදි, දර්ගාවලදී ගැටුම, නැවත 2018දී දිගනදි, අකුරණදි ගැටුම් , නැවත 2019දී බෝම්බ පුපුරන බව ඔහු අනාවරණ කර සිටියේය.

ඊයේ (29) කාත්තන්කුඩියේ පැවැති ජනහමුවක් අමතමින් අනුර දිසානායක මහතා පැවසුවේ මෙරට අන්තවාදය පෝෂණය කරමින් ගැටුම් හදමින් රටකට ඉදිරියට යාමට නොහැකි බවත්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ එකම ලාංකේය ජාතිකයක්. සහෝදරත්වයෙන්, සමගියෙන් ඉන්න ජාතියක් හදන්න අවශ්‍ය බවයි.

භාෂාවේ සම අයිතිය අපි ස්ථාපිත කළ යුතු බවත් සෑම දරුවෙකුටම තම මව් භාෂාවෙන් ඉගෙන ගන්න අයිතිය තිබෙන්නට අවශ්‍ය බව හෙතෙම පැවසිය. තම මව් භාෂාවෙන් ආණ්ඩුව සමග ගනුදෙනු කිරීමේ අයිතිය සියලු ජනතාවට තිබෙන්න ඕනෑ බවත් මෙය අපේ රට කියලා සියලු දෙනාටම හැඟෙන්නෙ එවිට බව හෙතෙම පැවසිය. එහෙයින් සියලු අයිතීන් ඔවුන්ගේ පාලනයක් යටතේ තහවුරු කරන බව දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *