• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලිය ත්‍රස්තවාදය පැරදවීමට සියළු රටවල් සමඟ එක්විය යුතුයි – අගමැති

7 May 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ජිවතුන් අතර සිටින සියළු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් තවදුරටත් සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07)පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින්. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාටම තරාතිරම නොබලා දඩුවම් ලබා දීමට කටයුතු කරන බවයි.

එසේම මේ වන විට ගෝලිය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අනෙකුත් රටවල් සමඟ අත්වැල් බැඳ ගත යුතු බවත් සියළු ආරක්ෂක අංශ සම්බන්ද කළ යුතු බව හෙතෙම පැවසිය.

 

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී තවදුරටත් මෙසේද පැවසිය.

පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳවත් ඉන් අනතුරුව අප විසින් ගත් ක්‍රියාමාර්ග හා ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳවත් මා කිහිපවිටක්ම ජනතාව දැනුවත් කළා. එසේම, බාධා කිරීම් රැසක් මැද අප්‍රේල් 24 දින පාර්ලිමේන්තුවේදීත් මා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

අද දින වන විට මෙම ප්‍රහාර සම්බන්ධ විමර්ශනවල ප්‍රගතියත්, ප්‍රහාරවලින් ජීවිත හානි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් වන්දි ගෙවීමේ ප්‍රගතියත්, ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට මා අදහස් කළා.

මේ වන විට රටේ ආරක්ෂක තත්වය යහපත් තලයකට ගෙන එන්නට ආරක්ෂක අංශ සමත් වෙලා තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින සියලූ දෙනාම පාහේ නීතියේ රැහැනට කොටු කරගන්නට සමත් වෙලා තියෙනවා. දැනට ඉතිරි වී තිබෙන්නේ ප්‍රහාරකයින් සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධව විමර්ශනය කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමයි. තරාතිරම නොබලා ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට රජයක් විදිහට අපි අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති විසින් වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව අද දින මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කළා. මීට අමතරව මෙම ප්‍රහාර සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධව මම පොලිස්පතිතුමා වෙතින් වාර්තාවක් ලබා ගත්තා. එය මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට කැමතියි.

“ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ පැවති ආරක්ෂක තත්ත්වය සම්බන්ධව

2019.05.06 වන දින පෙ.ව. 08.00 සිට 2019.05.07 වන දින පෙ.ව. 08.00 දක්වා ගත වූ කාලය තුළ දිවයින පුරා පැවති ආරක්ෂක තත්ත්වය පහත පරිදි ඔබතුමා වෙත වාර්තා කරමි.

01. මේ වන විට පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති අතර ඊට බාධා ඇතිවන කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත.
02. සියලුම ආගමික සිද්ධස්ථානවල සුවිශේෂි ආගමික උත්සව නොපැවැත්වෙන නමුත් දෛනිකව සිදුවන ආගමික වතාවත් සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතී.
03. මගී ප්‍රවාහන ඇතුලු සියලුම ප්‍රවාහන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත.
04. දෛනික ව්‍යාපාරික කටයුතු සහ මහජනතාවගේ දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇත.
05. දිවයින පුරා වරින්වර පැනවූ පොලිස් ඇදිරි නීතිය මේ වන විට මුළුමනින්ම ඉවත්කර ඇත.
06. විමර්ශන මගින් හා මහජනතාවගෙන් ලැබෙන තොරතුරු මත දිවයිනේ සියලුම පොලිස් වසම්වල අඛණ්ඩව පරීක්ෂා කිරීම සිදු කරමින් සිටී.
07. යොදවා ඇති මාර්ග බාධක හා පවතින ආරක්ෂක තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.
08. 2019.04.21 වන දින සිදු වු ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටී.”
ඒ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ලබාදුන් වාර්තාවයි.

ගරු කතානායකතුමනි,

 

මෙම ත්‍රස්තවාදී ක්‍රියාවල පසුබිම පිළිබඳවත් මම කරුණු කිහිපයක් සඳහන් කරන්න කැමතියි. 2014 වර්ෂයේ සිටම සිරියාවට ගොස් IS සංවිධානය හා එක්වූ පුද්ගලයින් පිළිබඳව යම් යම් බුද්ධි තොරතුරු ලැබී තිබුණා. IS සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි 2014 ජුනි 29 වන දින ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ලොව පුරා මුස්ලිම් පිරිස් ඉස්ලාම් රාජ්‍යයේ ජීවත්වීමේ අපේක්ෂාවෙන් සිරියාව සහ ඉරාකයට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ ආකාරයට විදේශීය පිරිස් සිරියාව සහ ඉරාකයට සංක්‍රමණය වූ 2014 වර්ෂයේ අප රටේ පුද්ගලයින් කිහිප දෙනෙකුත් තුර්කිය හරහා සිරියාවට ගමන් කරලා IS සංවිධානයට සම්බන්ධ වී තිබෙනවා. මොහොමඩ් මුහුසින් ඉෂාක් අහමඩ්, මොහොමඩ් උනසින් මොහොමඩ් අමීන් සහ මොහොමඩ් සුවයීර් මොහොමඩ් අරූස් යන ශ්‍රී ලාංකිකයින් විදේශයන් වල සිට සිරියාවට ගොස් IS සංවිධානය හා සම්බන්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා.

IS නායකයා විසින් ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඉරාකය හෝ ඇෆ්ගනිස්ථානයේ IS කඳවුරු වෙත ගොස් අවි පුහුණුව ලබා මෙරටට පැමිණි පුද්ගලයින් පිළිබඳ වාර්තා වෙලා නැහැ. එසේ නමුත් මෙරට මුස්ලිම් පුද්ගලයින් සිරියාවට ගිහින් අවි පුහුණුව ලබා පැමිණ ඇති බවට වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව බුද්ධි අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තියෙනවා. අපරාධ විමර්ශන කොට්ඨාෂයේ අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඊබ්‍රාහිම් සාදිත් අබ්දුල් හක් නැමැත්තා 2014 වර්ෂයේ සිරියාවට ගොස් අවි පුහුණව ලබා මෙරටට පැමිණ ඇති බවත්, දෙහිවල බෝම්බය පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් නැමැත්තා IS සංවිධානයට සම්බන්ධ වීම සඳහා 2014 වර්ෂයේ සිරියාවට යෑමේ අරමුණින් තුර්කිය වෙත පිටව ගොස් පෙරලා මෙරටට පැමිණ ඇති බවත් වාර්තා වෙනවා.

IS සංවිධානයට සම්බන්ධව සිට මියගිය මුල්ම ශ්‍රී ලාංකිකයා වන මොහොමඩ් මුහුසින් සෆ්රාස් නිලාම් නැමැත්තා 2015 ජනවාරි 15 වන දින මෙරට සිට තුර්කිය හරහා සිරියාවට යන අවස්ථාවේ ඔහුගේ වයෝවෘද්ධ දෙමාපියන් ද සිරියාවට ගමන් කර තියෙනවා. ඒ වයෝවෘද්ධ දෙමාපියන් දෙදෙනා කාලයක් සිරියාවේ රැඳී සිට 2016 ජනවාරි 29 වන දින මෙරටට පැමිණ ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාකරකම් හා ඇසුරුකරන්නන් සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි අංශ විසින් සමීපව පරීක්ෂණයක් කරමින් සිටන බවත් සඳහන් කරන්න කැමැතියි.

ගරු කතානායකතුමනි,

 

මෙම ප්‍රහාරවලින් මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලකුත්, තුවාල ලැබූ පුද්ගලයින් සඳහා උපරිමය රුපියල් ලක්ෂ පහ දක්වා වන වන්දි මුදලකුත් ගෙවීමට මෙන්ම හානි වූ දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව මේ වන විට කටුවාපිටිය, මඩකලපුව හා කොච්චිකඩේ ප්‍රහාරවලින් මියගිය 102 දෙනා හා තුවාල ලැබූ 42 දෙනා වෙනුවෙන් මූලික වන්දි මුදල් ගෙවීම මේ වන විට අවසන් කර තිබෙනවා. එසේම එම ප්‍රහාරවලින් හානියට පත්වූ දේවස්ථාන කඩිනමින් යුද්ධ හමුදාව හා නාවික හමුදාව එක්ව ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි ලබා දෙනවා.

ගරු කතානායකතුමනි,

ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට ද අප කටයුතු කරමින් සිටිනවා. ඊයේ දින පාසැල් විවෘත කිරීමට කටයුතු කළා. ආරක්ෂක හමුදා හා පොලීසිය එකාබද්ධව පාසැල්වල ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා. මා මේ සම්බන්ධ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ලබා ගත්තා. ඊයේ දින පාසැල් ළමුන්ගේ පැමිණීම අඩු මට්ටමක තිබුණත් එය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එසේම, පසුගිය ඉරිදා බොහෝ ක්‍රිස්තියානි පල්ලිවල දේව මෙහෙයන් සිදු කෙරුණා. එසේම පසුගිය සිකුරාදා මුස්ලිම් පල්ලි තුළ යාඥාවන් සිදුකරනු ලැබුවා. මේ සියලු කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට අපේ ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

නමුත් මම අවස්ථා ගණනාවක දී සඳහන් කළ අන්දමට අනතුර සම්පූර්ණයෙන්ම පහවී ගොස් නැති බව අපි සියලූ දෙනාම මතක තබා ගත යුතුයි. මොකද අද අපිත් ගොදුරු වී ඉන්නේ ගෝලීය ත්‍රස්තවාදයට. ඒ ව්‍යාපාරයට ලංකාවේ සිට සම්බන්ධ වූ සියලු දෙනා අත්අඩංගුවට ගත්තත් වෙනත් ආකාර ගණනාවකින් ඒ ත්‍රස්තවාදය ලංකාවට අත පොවන්නට ඉඩ තිබෙනවා.

 

ඒ නිසා මේ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට ජාත්‍යන්තර වශයෙන් සියළු රටවල් එකට එක්විය යුතුයි. බුද්ධි තොරතුරු හා තාක්ෂණය හුවමාරු කරගත යුතුයි. මෙම ත්‍රස්තවාදය පරාජය කිරීම අපිට විශාල අභියෝගයක්. මේ සඳහා පවතින නීති රාමුවත් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රති ත්‍රස්ත පනත හඳුන්වා දීමට අපි ක්‍රියා කරමින් සිටිනවා.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ලෝකයේ රටවල් ගණනාවක බුද්ධි හා ආරක්ෂක අංශ සහය අපට ලැබුණු බව ඔබ සියළු දෙනාම දන්නවා. එසේ නම් ඊටත් වඩා ජාත්‍යන්තර සහයෝගයක් ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ලබා ගත යුතුයි. සමහරුන් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම විදේශ හමුදා මෙරටට ගෙන්වා ගැනීමට සූදානම් වීමක් ලෙසට හුවා දක්වනවා. නමුත් ඒවැනි දෙයක් සිදුවන්නේ නැහැ. නමුත් සියළු පාර්ශවයන්ගේ සහය ලබා ගෙන අපි ඊට මුහුණ දෙනවා. රටේ ආරක්ෂාව තවුරු කරනවා. ඒ සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය අපි මෙරටට ගෙන එනවා.

ඒ වගේම මේ ත්‍රස්තවාදී හා දේශපාලන අන්තවාදීන්ගේ අරමුණ රටේ එදිනෙදා කටයුතු අඩාල කොට, ජන ජීවිතය කඩා කප්පල් කර, රට තුළ ප්‍රශ්න මවා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමයි. රජයක් හැටියට අපි ඒකට ඉඩදෙන්නේ නැහැ. අපි ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ජන ජීවිතය අරම්භ කළ යුතුයි. එදිනෙදා වැඩ කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. හැමවිටම ඉවසිල්ලෙන් හා විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි.

ඒ සඳහා එකට එක් වී අත්වැල් බැඳ ගන්නා ලෙස මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

Post Views: 10
Previous Post

උපරීම ආරක්ෂාව පාසල් සඳහා දෙනවා – අධ්‍යාපන ඇමැති

Next Post

රට ගිය ඇමති රිෂාඩ් දිවයිනට

editor

editor

Next Post

රට ගිය ඇමති රිෂාඩ් දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved