27 April 2024
#දේශීය

උපරීම ආරක්ෂාව පාසල් සඳහා දෙනවා – අධ්‍යාපන ඇමැති

ආණ්ඩුවක් වශයෙන් ලබාදිය හැකි උපරිම ආරක්ෂා පාසල් සඳහා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (7) පාර්ලිමේන්තුවේ දී පාසල්වල ආරක්ෂව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවනන්ද මහතා කල විමසිමකදිය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට පාසල් ආරම්භ කිරීම් කටයුතු සිදු කළ බවයි. එසේම ඊයේ දිනයේදී සිසුන්ගේ පැමිණිම අඩු මට්ටමක පැවතිය ද එය අද වන විට සාමාන්‍ය මට්ටමකට පැමිණ ඇති බව අමාත්‍යවරයා පැවසිය. කෙසේ වෙතත් පාසල් සම්බන්ධයෙන් ගෙන ඇති ආරක්ෂාව උපරීම මට්ටමෙන් සිදු කරන බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *