• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාවගේ ධනය කොල්ලකාන පාලකයින්ට දඩුවම් ලබා දිය යුතුයි – අනුර දිසානායක

11 March 2024
in දේශීය, පුවත්
ජනතාවගේ ධනය කොල්ලකාන පාලකයින්ට දඩුවම් ලබා දිය යුතුයි – අනුර දිසානායක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ජනතාවගේ ධනය කොල්ලකා ජනතාව මේ ප්‍රපාතයට හෙළන ලද පාලකයන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණ පවත්වා, දඬුවම් පැමිණවීමේ අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) හෝමගම පැවැති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

එහිදී අදහස් පල කල ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා “ ලංකාවේ මෑත ඉතිහාසයේ දේශපාලන පරිවර්තනීය කඩඉමක් පැමිණ තිබෙනවා. ඒ නිසා පාලක කණ්ඩායම මහ මැතිවරණයක් පවත්වනවාද, ජනාධිපතිවරණයක් පවත්වනවාද යන්න ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ ජනාධිපතිවරණයක් පවත්වන්න. මහා මැතිවරණයක් පවත්වනවා නම්, අපේක්‍ෂකයෝවත් හොයා ගන්න එයාට බැහැ. රාජපක්‍ෂලා හිතන්නේ රාජපක්‍ෂලාට ජනාධිපති මැතිවරණයට අපේක්‍ෂකයෙක් පවුලෙන් හොයා ගන්න බැරි නිසා මහා මැතිවරණයක් තිබ්බොත් හොඳයි කියලා. සජබ වාගේ පක්‍ෂයක් ගම්වල ඉතිරි වෙලා තිබෙන ඡන්ද ටික රැකගන්න කල්පනා කරනවා. කණ්ඩායම් තුනකට බෙදිලා හිටියත්, එකම පිරිසක් වන මේ අයට ජූලි මස 22 වැනිදා වන තුරු ජනාධිපතිවරණය තියනවාද, මහා මැතිවරණය තියනවාද කියලා කල්පනා කර කර ඉන්න වෙනවා. ඒ වාගේම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල උදේ නවයේ සිට සවස පහ දක්වා සාමාන්‍යයෙන් විවාද පවත්වනවා. මේ කාලය තුළ අපට ලැබෙන්නේ විනාඩි දහයයි. ඒ අයට පැය හතයි විනාඩි පණහක් ලැබෙනවා. ඒ මුළු කාලය තුළම අපව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. සමහර රූපවාහිනී විවාදවල නිවේදකයෝ හතර දෙනකුත්, දේශපාලකයකුත් ඉන්නවා. ඒ පස්දෙනාම අප ගැන කතා කරමින්, ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් හැම දෙනාම ලංකාවේ කවදාවත් නොතිබුණු දේශපාලන මානසික ආතතියකට ගොදුරු වී ඉන්නවා.

හෝමාගම මේ රැස්වීමට සහභාගි වී සිටින අම්මලා, සහෝදරියන් සහ දියණියන් දැක්කාම ඔවුන්ගේ ඒ මානසික ආතතිය තවත් වේගයෙන් ඉහළ යනවා. අප මුහුණ දී සිටින්නේ හුදු ආණ්ඩු මාරු කිරීමකට නොවෙයි. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම දේශපාලන, ආර්ථික, සමාජ පරිවර්තනයක් සිදු කරන්න සූදානම් වෙනවා. මේ නිසා මෙතෙක් රට පාලනය කළ කණ්ඩායම් අවසානය දක්වා ඔවුන්ගේ බලය රැකගන්න උත්සාහ කරනවා. තමන්ගේ දේශපාලන බලය ආරක්‍ෂා කර ගන්නත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර තවත් මාධ්‍යවේදීන්ට පහර දුන්නා. තමන්ගේ ස්වාමියා අහිමි වුණු දුක දරාගෙන ඉන්න සන්ධ්‍යා එක්නැලිගොඩලාටත් සාධාරණය ඉටු විය යුතු නැද්ද? පෑන හසුරුවමින්, තමන්ගේ මතය හැසිරවීම නිසා ඔවුන් කිසිවකුත් ඝාතනය විය යුතු නැහැ. ‘සන්ඩේ ලීඩර්’ පුවත් පතේ පිටු ගණනක් ලසන්ත වික්‍රමතුංග පිරවූයේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වී ඉන්නවා. ලසන්ත වික්‍රමතුංග ගැන පරීක්‍ෂණ නැහැ. මේ රටේ ජනතාවගේ මූල්‍ය අපරාධයන් සිදු කිරීමේ කඩඉමක් මහ බැංකු කොල්ලයෙන් සිදු කළා. ඔවුන් කළ මූල්‍ය අපරාධ ගැන සොයා දඬුවම් දෙන බව කී පිරිස් අද රනිල් වික්‍රමසිංහ වටා වාගේම සමගි ජන බලවේගයට එකතු වී ඉන්නවා. ඔවුන් දඬුවම් ලැබිය යුතු මේ අපරාධවලින් ආරක්‍ෂා වීමට විවිධ උපක්‍රම යොදනවා. පරම්පරාව කේන්ද්‍රගත කරගෙන පැමිණි මේ වංචාකාරී, දූෂිත පාලනය පොදු ජනයා අතට මාරු වීමේ කඩඉමට පැමිණ තිබෙනවා.

දේශපාලනය සඳහා පිවිසීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන් වෙනුවෙන් නව දොරටු අපේ පාලනයක් යටතේ විවෘත කරනවා. ඔවුන්ගේ පෙළපතින් පැමිණි දේශපාලනය, සාමාන්‍ය ජනතාවගේ දූ-පුතුන් වෙත මාරු වීම වැළැක්වීම සඳහා කළ හැකි සියලු කුමන්ත්‍රණ සිදු කරනවා. මැද කොළඹ පිට්ටනියක් පුරවලා සහල් ගෙනැත් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය මේ මැතිවරණයේදී ඔවුන් පොම්ප කරනවා. නමුත්, 2022 මැයි මාසේ 09වැනිදාට පෙර සිටි ජනතාව රැවටිය හැකි වුවත්, දැන් ඉන්නේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් වාගේම හැටනවලක්‍ෂයක් ඡන්දවලින් පත් වුණු ජනාධිපතිවරයෙක් පලවාහැරිය ජනතාවක්. ඉරාකයේ සදාම් හුසේන් පලවාහරින්න ඇමෙරිකානු හමුදාව ගොඩබැස්සා. ලිබියාවෙත් ඒ වාගෙයි. නමුත්, ගල් කැටයක්වත් අතට නොගත් ජනතාව ඡන්දය ලක්‍ෂ 69ක් ලබා ගත් පාලකයාව පලවාහැරියා. ඒ නිසා ඔවුන් සෙල්ලම් කරන්න හදන්නේ අපි දේශපාලනය කරන අලුත් ජනතාවත් එක්කයි. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්‍ෂලා, සජිත් ප්‍රේමදාසලා දේශපාලනය කරන්න ලෑස්ති වෙන්නේ පැරැණි ජනතාවත් එක්ක. අපි දේශපාලනය කරන්නේ 2022 මැයි 09වැනිදායින් පසු වෙනස් වූ නව ජනතාවත් එක්ක. ඔවුන්ගේ එක රූපවාහිනී නාලිකාවක් වෙනුවෙන් අපේ ප්‍රචාරක කටවල් දසදහස් ගණනක් තිබෙනවා. ඔබ කොතැනකට ගියත්, ඔවුන්ගේ අවලාද, මඩ, විකෘති කියුම්වලට එරෙහිව නිවැරැදි දේ පහදා දෙන්න.

රනිල්ගේ ඡන්ද කැම්පේන් එක ගෙනියන්න ආයතන තුනකට භාර දී තිබෙනවා. එක ආයතනයක් සකස් කර තිබෙන කැම්පේන් එකේ රනිල් ගැන හතරෙන් එකක් කියන කොට අප ගැන හතරෙන් තුනක් කියනවා. අප ගැන හදන්න භාර දීලා තියෙන්නෙත්, අපේ කෙනකුට. අසූඅට, අසූනවය කාලය ගැන බයක් හදන්න එක කැම්පේන් එකක් නිර්මාණය කරනවා. දෙවැනි එකේදී අපත් ටික කාලයක් ආණ්ඩුවල හිටි බව කියන්න උත්සාහ කරනවා. තුන්වැනි එක මේ වෙලාවේ අත්හදා බලන්න සුදුසු වෙලාවක් නොවෙයි කියන්න යොදා ගන්නවා. සල්ලි පොම්ප කරලා, දැන්වීම් හදන, පත්තර ගහන ප්‍රචාර සැලසුම් කර තිබෙනවා. අපේ රටේ ජනතාවගේ ධනය කොල්ලකා ජනතාව මේ ප්‍රපාතයට හෙළන ලද පාලකයන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණ පවත්වා, දඬුවම් පැමිණවීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. මෙතැනට පැමිණ සිටින කිසිවකුත් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පැමිණි අය නොවෙයි. අප අතර තිබෙන්නේ මේ රටත්, මේ රටේ ජනතාවටත් මෙයට වඩා යහපත් ජීවිතයක් ගොඩනැඟීම පිළිබඳ පොදු අරමුණ පමණයි. ඒ අරමුණ වෙන කිසිවකුටවත් කොපි කරන්න බැහැ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන වටුවන් දඩයම් කරන්න වැද්දා හෙළුෑ දැලෙන් සාමූහිකව ගැලවී යාමේ නායකත්වය බෝධිසත්ව වටුවා විසින් ලබා දුන්නා. ගැහැනු අපි එකමිටට තේමාව වටා එක්වී සිටින්නේ මේ රට පරිවර්තනය කිරීම සඳහායි. අපි ඒ වෙනුවෙන් සැලසුම් සකස් කර වේදිකාවේ කතා කළත්, ඒ ක්‍රියාමාර්ගවල වැඩිම බරක් දරන්නේ, ක්‍රියාකාරී වන්නේ වේදිකාව ඉදිරිපිට සිටින ඔබ සියලු දෙනායි. මෙය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ශක්තිය, ධෛර්යය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.

මැතිවරණ ජයග්‍රහණය කියන්නේ අවසානය නොවෙයි, රට ගොඩනැඟීමේ ආරම්භයයි. එහි පළමු කාර්යය ජනතාවගේ ආහාර වේල ලබා දීම සහතික කිරීමයි. අපේ රටේ මහා පරිමාණ හාල්මෝල් හිමියන් කිහිප දෙනකුගේ ඒකාධිකාරී වෙළෙඳපොළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බිඳදමා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සහල් ලබා දීමටත් ගොවියාට සාධාරණ මිලක් ලබා දීමටත් යාන්ත්‍රණයක් සකස් කරනවා. එළවළු, පලතුරු සම්බන්ධ වෙළෙඳපොළත් ඒ වාගේම නැවත සකස් කිරීමට පස්අස්වනු නාස්තිය අවම කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පළමුකොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කරනවා. වස-විෂවලින් තොර ආහාර වේලක් ලබා දීමත් සහතික කරනවා. දෙවනුව පුරවැසියන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමේ කෙටිකාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. පරීක්‍ෂණ පහසුකම්, ඖෂධ ප්‍රමාණවත් තරම් ලබා දීම මාස දෙක තුනක් තුළ තහවුරු කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය තුන්වැනි හදිසි අවශ්‍යතාව ලෙස ප්‍රමුඛත්වය ලබා දෙනවා. තමන් විඳින දුක තමන්ගේ දරුවාට ලබා නොදීමේ චේතනාවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැප කිරීමක් දෙමාපියන් කරනවා. මේ වන විට මුළු පාසල් පද්ධතියම කඩාවැටී තිබෙන තත්වය වෙනස් කර ඒ ගැන නැවත විශ්වාසයක් ඇති කරනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරමින්, සියලුම වෘත්තීන්වලට ගැළපෙන අධ්‍යාපනයක් ලබා දීමේ දිගුකාලීන සැලැසුම් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් වූ සමාජ ආකල්ප පරිවර්තනයකුත් අපි ඇති කරනවා. අද ගෙදරට බරක් වී තිබෙන දරුවාගේ අධ්‍යාපනය එයින් මුදාගෙන රජයේ වගකීමක් බවට පත් කර ගන්නවා. අපේ රටට ඕනෑ දැනුමෙන්, නිපුණතාවෙන් යුක්ත පුරවැසියන් බිහි කරන අධ්‍යාපනයක්. ලෝකයත් එක්ක තරග කළ හැකි දරුවන් නිර්මාණය කරන අධ්‍යාපනයක් අපට ඕනෑ. ඔවුන්ට ඕනෑ කරන්නේ ඡන්ද කාලයට ෆෝම් කොළ පුරවන, අරක්කු වීදුරුවට යට වෙන, නාමල්ලාගේ පිටිපස්සෙන් යන දරුවන්. ලෝකයේ නව දැනුම උකහාගෙන ඉදිරියට යන සමාජ විනයක් සහිත දරුවන් බිහි කරන අධ්‍යාපනයක් අපි නිර්මාණය කරනවා. ඒ වාගේම විනයක් සහිත නීතිගරුක සමාජයක් බිහි කිරීමට මෙතෙක් පැමිණි මාවතෙන් අනාගතයේ රට ගොඩනඟන පරිවර්තනීය වෙනසක් කළ හැකි ආණ්ඩුවක් බලයට පත් කරගත යුතුයි. එයින් පසුව කාන්තාවන්ටත්, ඇකයේ නැළවෙන දරුවන්ටත් සුරක්‍ෂිතභාවය තහවුරු වන රටක් ගොඩනැඟීමේ පරිවර්තනය වෙනුවෙන් ජයග්‍රහණය කරා ධෛර්යයෙන් ගමන් කරන ලෙස ආරාධනා කරනවා යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,433
Previous Post

‘‘ආණ්ඩුවට රටේ වංචා දූෂණ අවම කරන්න අවශ්‍යතාවයක් නෑ‘‘ – හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Next Post

රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න – ජනපති

රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025
තැපැල් සේවකයන් දැඩි තීරණයක

තැපැල් සේවකයන් දැඩි තීරණයක

28 May 2025
කාලගුණයෙන් සැර නිවේදනයක්

කාලගුණයෙන් සැර නිවේදනයක්

28 May 2025
හාට් ඇටෑක් කියන්නේ පපුවේ කක්කුම විතරද?

හාට් ඇටෑක් කියන්නේ පපුවේ කක්කුම විතරද?

28 May 2025

Recent News

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025
තැපැල් සේවකයන් දැඩි තීරණයක

තැපැල් සේවකයන් දැඩි තීරණයක

28 May 2025
කාලගුණයෙන් සැර නිවේදනයක්

කාලගුණයෙන් සැර නිවේදනයක්

28 May 2025
හාට් ඇටෑක් කියන්නේ පපුවේ කක්කුම විතරද?

හාට් ඇටෑක් කියන්නේ පපුවේ කක්කුම විතරද?

28 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025
තැපැල් සේවකයන් දැඩි තීරණයක

තැපැල් සේවකයන් දැඩි තීරණයක

28 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved