• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව ආර්ථිකයෙන් සවිබල ගන්වන්න ආණ්ඩුව වැඩි අවධානයක් යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද කියයි

29 January 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක, කොහොමද මේ රටේ ඉන්න ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගන්වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ හින්තලය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (28) පැවැති අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

සාමාන්‍යය සංවර්ධන වැඩවලට එහා ගොස් ආර්ථික වශයෙන් පවුලක් ශක්තිමත් කරන්න විශාල යෝජනා ප්‍රමාණයක් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවතින රාජ්‍යය ආයතන මගින් ක්‍රියාත්මක කළ සංවර්ධන ක්‍රියාවලියේ පසුගිය ප්‍රගතිය හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

කොරෝනා රෝගීන්ගේ තත්වය හා රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් වී හා බඩඉරඟු වගාවන්ට සිදුව ඇති වගා හානී මෙන්ම අධ්‍යාපන, ප්‍රවාහන, ජල සම්පාදන, ඉඩම් ආදී විෂයන් රැසක ප්‍රගතිය පිළිබදව සාකච්ජා කෙරිණි.

කෘෂිකාර්මික කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිහින්තලය ගොවිජන සේවා මධ්‍යස්ථාන නිළධාරිනියක අදහස් දක්වමින් කියා සිටියේ,

ඉදිරි යල කන්නය සඳහා කඩිනම් කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා.පසුගිය මාස් කන්නයේ වගා කටයුතු යහපත් තත්වයක නෑ, ගැටලු තමයි තියෙන්නේ.මේ දිනවල අස්වනු සමීක්ෂණයක් කරනවා.සමීක්ෂණයෙන් පස්සේ තමයි වගා හානී ප්‍රමාණය ඉදිරිපත් කරන්න පුලුවන්.50% ක් පමණ අස්වැන්නේ අඩුවක් තියෙනවා.වගා හානි සඳහා වන්දි ගෙවීම සිදු කරන්නේ වගාවන් කරපු , කාබනික පොහොර භාවිතා කරපු අයට පමණක් වන්දි ගෙවන ලෙස තමයි අපට උපදෙස් ලැබී තිබෙන්නේ යැයි පැවසුවාය.

එහිදී පවතින කොවිඩ් වසංගත තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිහින්තලය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්,

සෞඛ්‍ය අමාත්‍යංශයේ උත්සහය වෙලා තියෙන්නේ කොවිඩ් වසංගතය නිවාරණය කරන ගමන් ඒ සඳහා ප්‍රධාන අවිය ලෙස එන්නත් කරනය කරන්න.එන්නත්කරණය ආරම්භ කරලා පුරා වසරක් ගත වෙලා තියෙනවා.එන්නත්කරණයේදී ගර්භණී මවුවරුන්ගේ එන්නත්කරනය ඉතා ඉහළ අගයක තියෙනවා, 100% ක පමණ අගයක අපි සිටිනවා.පාසල් ළමුන් එන්නත්කරණයේදී අපේ ඉලක්කය වුණේ 2606 යි, පාසල් යන වයසේ පාසල් නොයන ළමුන්ද සමඟින් අපි පාසල් ළමුන්ද එන්නත්කරණය කරලා 2801 දක්වා ඉහළ මට්ටමකට ගෙන ගියා. ඒ හරහා 100% කට වැඩි අපෙක්ෂිත ඉලක්කයට වඩා අපිට සපුරන්න පුලුවන් වුණා.අවුරුදු 60 වැඩි ජේෂ්ඨ පුරවැසියන්ගේ එන්නත් ආවරණය 4353 යි අපේ ඉලක්කය වුණේ, 4277 ක පිරිසක් අපි එන්නත් කරණය කලා, ඒ අනුව 98.25% ක් අපි එන්නත්කරණය කරන්න අපිට හැකි වුණා.ඉතිරි පිරිසත් අනුරාධපුර යුධ හමුදා රෝහල, අනුරාධපුර මහ රෝහල හරහාත් එන්නත්කරණය කරගන්නට ඇති.අපි ඊළඟට එන්නත් කරණය කල පිරිස තමයි වයස අවුරුදු 30 හා 59 අතර කාණ්ඩය.ඒකේදී පළමු හා දෙවන එන්නත් ආවරණය 75% ක ප්‍රමාණයක් තියෙනවා.මේකේ අවාසනාවන්ත එක එන්නේ බූස්ටර් එන්නත්කරණය එය 48% ත් 50% කටත් ආසන්නව තියෙන්නේ.ඔය වයස් කාණ්ඩයේ ඉන්න අයගෙන් එක්කෙනෙකුට එක්කෙනෙක් ඉන්නවා විදපු හා විදපු නැති.ඊළඟ වයස් කාණ්ඩය අවුරුදු 20 -29 ඒ වයස් කාණ්ඩයේදී තමයි අපි හුඟාක්ම අසමත් කියන තැනට එන්නේ ඒකේදී පළවැනි මාත්‍රාව අරන් තියෙන්නේ 53 % ක් පමණ, දෙවැනි මාත්‍රාව අරන් තියෙන්නේ 50% කට ආසන්න.කණගාටුදායකම එක තමයි බූස්ටර් එන්නත් මාත්‍රාව 17 % යි අරන් තියෙන්නේ.මේ තත්වය රටේම තියෙන දැවැන්ත ප්‍රශ්නයක්.වයස අවුරුදු 20-29 වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් ලබා ගැනීමේදී පළමු එන්නත, දෙවැනි එන්නත ලබා ගැනීම අඩුයි, බූස්ටර් එන්නත ලබා ගැනීම හොඳටම අඩුයි.අනුරාධපුර දිස්ත්‍රික්කයේමත් 16% යි.
මේ සඳහා බලපෑමක් වෙලා තියෙනවා සමාජ මාධ්‍යයේ පැතිර යන පණිවිඩ.ඒ සියලු මත මිත්‍යා මත කියලම අපිට අර්ථ දක්වන්න බෑ,ඒකට හේතුවක් තියෙනවා.මේ කොවිඩ් වසංගතය ඉතා ඉක්මනින් හටගත් දෙයක්, අපේ රටේ පෙනෙන්න නැති වුණාට අපි දැක්කා ඉන්දියාවේ, ඇමරිකාව ඇතුලු වෙනත් රටවල මරණ විශාල වශයෙන් සිද්ධ වෙන ආකාරය හා ඒවා ආදාහන කටයුතු කරපු ආකාරය.සීග්‍රයෙන් රෝගය ව්‍යාප්ත වීම හා මරණ සංඛ්‍යාව වැඩිවීම නිසා රෝගය පාලනයට කුමක් හෝ එන්නතක ආවරණයක් අවශ්‍ය වුණා.ඒ නිසා අපිට ඒ තැනට යන්න වුණා.හරිම ක්‍රමය නම් එන්නතක් නිවැරදි ක්‍රමයට පර්යේෂණ කරන්න අවුරුදු 02 කට ආසන්න කාලයක් යනවා.ඉස්සරලාම සත්ව කණ්ඩයමකට අරන්, ඊට පස්සේ මනුශ්‍ය කණ්ඩායමකට අරන්, ඒවායේ අතුරු ආබාධ මොනවද බලලා,එහෙම තමයි යන්නේ නමුත් මේ වෙලාවේ ප්‍රමාද වෙන්න බැරි නිසා ඒ ගැටලුව ලොකුවට පැවතුණා.ඒ නිසා තමයි මිත්‍යා මත වලට රජ වෙන්න පුලුවන් වුණේ.අපිටත් අවංකවම කියනවා නම් 100% ක් සහතික කරලා කියන්න බෑ මේවා නිසා අතුරු ආබාධ නොවෙනවා කියලා.නමුත් මැරි මැරී යනවාට වඩා, මේ නොපෙනෙන සතුරෙක්, පෙනෙන සතුරාත් එක්ක සටන් කරන්න පුලුවන් අපිට මොනවා හරි කරලා.නොපෙනන සතුරාට සටන් කරන්න අත්හදාබැලීම් කර කර මිනී ගණන වැඩි කර කර යනවාට වඩා, යම් මට්ටමක මරණ ගණන අඩු කරලා, රෝගයේ උත්සන්නභාවය අඩු කරගන්න පුලුවන් නම් ඒක වඩා වැදගත් වෙනවා.ඒ මතයේ පිහිටලා තමයි එන්නත්කරණය සිදු කරන්නේ.
දැන් නැවත රෝගීන් හමුවීම වැඩි වෙලා තියෙනවා.තියෙන සංඛ්‍යා ලේඛණ වලටත් වඩා වැඩියි දැන්.තව සතියක් දෙකක් යන විට බොහෝම දරුණු ලෙස මෙහි ප්‍රථිපල විඳ දරා ගන්න සිද්ධ වේවී. පහුගිය කාලවලදී දින 14 ක් තමයි නිරෝධායනය කලේ, දැන් නව සෞඛ්‍ය මාර්ගඋපදේශයන් එක්ක එය දින 07 ක කාල සීමාවකට යටත් වෙලා තියෙනවා.සංගීත සංදර්ශණ හා ක්‍රීඩා තරඟ වලට සහභාගී වීමේදී එන්නත් කාඩ්පතෙහි වැක්සින් 03 ම ආවරණය වුණොත් පමණක් සහභාගී කරවා ගන්නා ලෙස අපි ඉල්ලීම් කරලා තියෙනවා.රාජ්‍ය ආයතන වලට පැමිණීමේදීත් එය සිදු කරනවා නම් හොඳයි.මේක මේ නරක දෙයක් නෙමෙයි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

එන්නත් ලබා ගෙන නැති සියලු දෙනාටම එන්නත ලබා ගන්න කියලා ගම්වල දැනුම්වත් කරන්න.ගමේ රැස්වීමක් තියෙන කොට, සංවිධාන හම්බෙන කොට සියලු දෙනාම දැනුම්වත් කරන්න.ගම්වල එන්නත්කරණය නොකළ සියලු දෙනාගේ ලැයිස්තුවක් හදලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සම්බන්ධ කරලා දෙමු.මේක සෙල්ලමක් නෙමෙයි.බූස්ටර් එක ගැහුවත් ඒක මාස කීයක් බලපැවැත්වෙයිද කියලා අපි දන්නේ නෑ,දිගින් දිගට අපිට එන්නත්කරණය කරන්නවෙයි තව කාලයක්.ඒ නිසා අපි ජනතාවත් දැනුම්වත් කරලා සතියක් වැනි කෙටි කාළයක් ඇතුළත ග්‍රාමනිළධාරීන්, සමෘද්ධී සංවවර්ධන නිළධාරීන්, කෘෂි පර්යේෂණ නිළධාරීන් එකතු වෙලා තමන්ගේ කොට්ඨාශයේ එන්නත්කරණය නොකල පිරිස් හදුනාගෙන ඔවුන්ව එන්නත්කරණයට යොමු කරන්න යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

මේ වර්ෂයේදී ආණ්ඩුව විශාල සංවර්ධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් පෙබරවාරී මාසේ 03 වැනිදා ලංකාව පුරාම සෑම ග්‍රාමසේවා වසමකම සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරනවා.ඒ වගේම රටක් විදිහට අපි ඉතාම අමාරු තැනක හිටියත් අපි කොහොමද හැමෝම එකතු වෙලා මේ රට සංවර්ධනය කරන්නේ කියන හැඟීමත් එක්ක ආණ්ඩුව රජයක් ලෙස වැඩකටයුතු කරනවා.ඒ නිසා රජයේ නිළධාරීන් මේ හොඳ වැඩේට සහයෝගය ලබා දෙන්න ඕනකම තියෙනවා.ඒ වගේම මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි කොහොමද මේ රටේ ඉන්න ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගන්වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.ඒ නිසා තමයි මේ සංවර්ධන වැඩකටයුතු වලදී සාමාන්‍යය සංවර්ධන වැඩවලට එහා ගියපු කොහොමද අපි ආර්ථික වහයෙන් පවුලක් ශක්තිමත් කරන්නේ කියන එකට විශාල යෝජනා ප්‍රමාණයක් ආණ්ඩුව විසින් නිර්මාණය කරලා තියෙනවා.ඒ වගේම අපිට ලබා දී තිබෙන මුදල් වලිනුත් ආර්ථික වශයෙන් සවිබල ගන්වන යෝජනා වලට වැඩි අවස්ථාවක් ලබා දී තිබෙනවා.ඒ නිසා රජයේ නිළධාරීන් සියලු දෙනා ආණ්ඩුවේ මේ හොඳ වැඩ පිළිවෙලට හොඳ සහයෝගයක් ලබා දුන්නොත් අපිට පුලුවන්කම ලැබෙයි මේ කියන අමාරු තැනින් යම් තැනකට අපිට ඉස්සරහට එන්න පුලුවන්කම ලැබෙයි.ඒ නිසා මං ඔබතුමන්ලා සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා හැමදාමත් අපිට සහයෝගය දෙනවා වගේම මේ කර්තව්‍යයේදීත් පක්ෂ- විපක්ෂ , ජාති-ආගම්, කුළ-මළ භේදයකින් තොරව, මේ රට මේ වැටිලා තියෙන තැනින් ඉස්සරහට ගේන්න ඕබතුමන්ලා සියලු දෙනාගේම දායකත්වය ලබා දෙන්න.සෑම අමාත්‍යංශයක්ම ඒ ඒ ආයතන මට්ටමින් විශාල වැඩකොටසක් ආරම්භ කරලා තියෙනවා.ඒ වැඩසටහන් ටිකත් ගමට ගේනකොට ඒ සඳහා ගමේ සුදුසුම කෙනා, ගැලපෙනම කෙනා තමයි අපි තෝරන්න ඕනකම තියෙන්නේ.එහෙම වුණොත් තමයි අපිට මේ වැඩේ අවසන් කරන්න පුලුවන්කම තියෙන්නේ.උදාහරණයක් විදිහට ගත්තොත් අපි හැම ආණ්ඩුවකින්ම ගෙවල් හැදුවානේ, හැබැයි තාමත් අපිට හදලා ඉවර කර ගන්න පුලුවන් වෙලා තියෙනවාද? අපි සුදුස්සෝ ටික තේරුවා නම් වෙලහාකට මේක ඉවර වෙන්නත් එපැයි.හැබැයි හැම වෙලාවේම වෙලා තියෙන්නේ මොන යම් හෝ දේශපාලන පක්ෂයක් නොගැලපෙන අය තේරුව නිසා තමයි තාමත් ගෙයක් නැති මිනිස්සු, තාමත් වහලයට පොල් අතු ටිකක් තියෙන මිනිස්සු, තාමත් ස්ථීර වහලක් නැති මිනිස්සු ඉන්න හේතුව තමයි අපේ තෝරා ගැනීමේ තියෙන දුර්වලතාවයන්.දේශපාලන අධිකාරිය විදිහට අපිත් නායකත්වය ලබා දෙන්නම් හරි දේ තෝරන්න.ඔබතුමන්ලාගේ පැත්තෙනුත් ඒ ඒ අමාත්‍යංශ වලදී නියම කෙනා හරිම කෙනා තේරුවොත් තමයි අපිය යම් කාලයක් තුළදී රට හරි තැනකට ගේන්න පුලුවන්කම තියෙන්නේ.ඒ නිසා අපි දේශපාලන අධිකාරිය ලෙස ඉල්ලීමක් කරනවා, ආරාධනා කරනවා ඔබතුමන්ලා සියලු දෙනාගෙන්ම මේ ආණ්ඩුවේ වැඩපිළිවෙලත් එක්ක අත්වැල් බැඳගන්න, සහයෝගය ලබා දෙන්න, ඒ කරන වැඩේ සාර්ථකව කරන්න රාජකාරීමය පැත්තෙන් දෙන්න තියෙන උපරිම සහයෝගය ලබා දෙන්න.ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායක්තවය ලබා දෙන්නත් රාජකාරීමය ස්වභාවයන් වලදී ඔබතුමන්ලාව ආරක්ෂා කරන්නත් අපි දේශපාලන අධිකාරිය ලෙස ඉන්නවා යැයිද පැවසීය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ, මිහින්තලය ප්‍රාදේශීය සභා සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වී සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 16
Previous Post

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යන්න- විසිර යන ගුවන් නිලධාරීන්ට ජනපති කියයි

Next Post

ගෝලීය ව්‍යසනය පරදා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය ජයගනිමින් සිටිනවා -සෞඛ්‍ය ඇමති

editor

editor

Next Post

ගෝලීය ව්‍යසනය පරදා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය ජයගනිමින් සිටිනවා -සෞඛ්‍ය ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved