• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව පුරුදු වී ඇති දේශපාලන අධිකාරිය නැති කළ යුතුයි – දුමින්ද කියයි

17 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ රටේ පුරුදු වෙලා තියෙන්නේ දේශපාලන අධිකාරියෙන් සියළු දේ සිදු කර ගැනීම මිසක් බවත් එම ක්‍රියාදාමව නැති කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ “රට වෙනුවෙන් එකට සිටිමු “අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන සම්බන්ධයෙන් නිළධාරීන් සමඟ පැවති සාකච්ජාවකදීය. එහිදී ඒ් මහතා කියා සිටියේ ලෝකයේ අනෙකුත් රට වල දේශපාලඥයෝ කරන්නේ ප්‍රථිපත්තිමය දේශපාලනයක් බවයි.

ඒ් සම්බන්ධයෙන් වැඩිදුරටත් දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” අපි ඇමරිකාවේ ජනාධිපතිතුමා තැන් තැන්වල යනවා අපි දැකලා තියෙනවාද?අපේ අල්ලපු රට ඉන්දියාවේ ජනාධිපතිතුමා තැන් තැන් වල යනවා අපි දැකලා නෑ.අපේ රටේ මේ ක්‍රමවේදය නැති නිසා ළමයෙක් පාසලට දාන එකේ ඉඳන්, පොලීසියෙන් යතුරු පැදියක් ඇල්ලුවාම බේර ගන්න එකේ ඉඳන්, අවසානයේ කෙනෙක් මැරුණාම මිනිය ගන්න පශ්චාත් මරණ පරීක්ෂණය තියන එකටත් දේශපාලඥයාගේ උදව්ව ඕන.ඒ නිසා මේක මේ රටේ වෙනස් වෙන්න ඕනකම තියෙනවා.ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමන් “රට වෙනුවෙන් එකට සිටිමු “නමින් ඉතාම හොඳ වැඩසටනක් ආරම්භ කරලා තියෙනවා.මේක තමයි ආරම්භය.රටේ තියෙන සියලු අමාත්‍යංශ,පළාත් සභා, රජයේ කාර්යාල, මේ සේරම එකට එකතු වෙලා ඒ තියෙන වැඩසටහන් සම්බන්ධ වෙලා කරන්න පුළුවන්කම තියෙනවා නම් අපට එකකට එකක් විශාල ජයග්‍රහණ අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.අද ජනාධිපතිතුමා “රට වෙනුවෙන් එකට සිටිමු “ කියන කාරණාවත් එක්ක දේශපාලනයෙන් තොරව, රටේ ඉතාමත් අත්‍යවශ්‍යය සංවර්ධනය වෙනුවෙන් අපි කොහොමද එකට එකතු වෙලා වැඩ කරන්නේ කියන කාරණය පිළිබඳව ආරම්භයක් සනිටුහන් කරලා තියෙනවා.රට හදන, රට ශක්තිමත් කරන, රට දිනන වැඩසටහනක් විදිහට අපිට එකට එකතු වෙලා මේ වැඩසටහන සාර්ථකව කරන්න පුළුවන් නම් අපිට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.මේ වැඩසටහන දින 06 ක් පැවැත්වෙනවා.හැබැයි දින 06 කට සීමා වෙන්න ඕන මේ ප්‍රදර්ශනය විතරයි.අපි ආරම්භ කරන මේ මතවාදය, එකතු වීම දිගටම අපි යන්න ඕනකමක් තියෙනවා.

අනුරාධපුරයේ දැන් කුඩු මත්ද්‍රව්‍යය ප්‍රශ්නය විශාල වශයෙන් තියෙනවා.පසුගිය දවසක ජනාධිපතිතුමාම කිව්වා පොලොන්නරුවේ එක් ගම්මානයක කුඩා දරුවෙක් අඬනවා අම්මාගෙන් කිරි ඉල්ලලා – අම්මා අඬනවා කිරි එරෙන්නේ නෑ කුඩුු ටිකක් දෙන්න කියලා.මේ වැඩසටහන යටතේ නිළධාරීන් පැහැදිලි කලා මත්ද්‍රව්‍යය වැටලීම් මේ කාළය තුළ සිදු කරන්න ඕන කියලා.මම කියන්නේ මේ කාලසීමාව තුළ නෙමෙයි අල්ලන එක කරන්න ඕන.රට හදන්න නම් අපිට ඕන නඩු වැඩි ප්‍රමාණයක් නෙමෙයි.මේ කාළය තුළ සිය දෙනෙක් අත්අඩංගුවට අරන් නඩු 100 ක් දැම්මා කියන එක නෙමෙයි අපිට අවශ්‍යය කරන්නේ. බොන මිනිස්සු අල්ලලා හිරේ දාලා වැඩක් වෙන්නෙ නෑ,බොන එක්කෙනා එක්කෙනා අල්ලලා නඩු ප්‍රමාණය කොලේක දාලා මේ ව්‍යාපෘතිය තුළ අපි 100-200 ක් ඇල්ලුවා කියන එකෙන් එහාට ගිහින් මත්ද්‍රව්‍යය බාවිතා කරන අය පසු පස ලුහුබැදලා මත්ද්‍රව්‍යය මෙහෙට එන්නේ කොහෙන්ද, සම්බන්ධතාවය කාගෙද? එතකෙට අපි එක නඩුවක් අල්ලන්න ඕන නෑ බොනවා කියලා.මත්ද්‍රව්‍යය භාවිත කරන්නන් ලුහු බැඳලා මත්ද්‍රව්‍යය අනුරාධපුරයට එන එක නවත්තා ගත්තොත් ජනාධිපතිවරයාට පොලොන්නරුවේ අම්මා කෙනෙකුගේ දුක කියන්න වෙන්නෙ නෑ.මේ වැඩසටහන හරහා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමේදී නඩු ප්‍රමාණය කියන එක රටට වැඩක් වෙන්නෙ නෑ, අපට අවශ්‍ය කරන්නේ අපේ ප්‍රදේශයට හෙරොයින් එන්නෙ කොහොමද? සම්බන්ධය මොකක්ද? ඒ ටික අල්ලා ගත යුතුයි.අපි ලංකාවේ හෙරොයින් ගැන කථා කරන කොට ඒවා ගේන හා ඒවාට සම්බන්ධ අයගේ නම් අපි දන්නවා.හැබැයි අපි හැමදාම අල්ලන්නේ බොන මිනිහෙක්ව.ගස් – පඳුරු අස්සේ රිංග රිංග,ලයිට් කණු අස්සේ හැංගිලා , වැටවල් අස්සේ රිංග රිංග අල්ලන්නෙ බොන එකාව.හැබැයි අපි දන්න, නම ගිය හෙරොයින් ජාවාරම්කරුවෝ ඉන්නවා.ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අනුරාධපුරයෙන් මේ වැඩේ පටන් ගන්න මේ සම්බන්ධතා නවත්තලා, අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන හෙරොයින්, මත්පෙති වගේ දේවල් අනුරාධපුරයට ගේන එක නවත්වන එකට මේ ව්‍යාපෘතිය හරහා ප්‍රමුඛතාවය දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්‍රධාන ලෙස හේන් ප්‍රශ්නය බලපානවා.2012 දක්වා හේන් වගා කළ ගොවීන්ට දිගටම හේන් පවත්වාගෙන යාමට ඉඩ දෙන්න තීන්දුවක් ගත්තා.හේන් කරන ගොවියෝ මේ කන්නයේ හේන් කරනවා, ලබන කන්නයේ කරන්නෙ නෑ.ආයේ කරන්නේ අවුරුද්දකින් නැත්නම් දෙකකින්.ඒ වෙලාවට ගස් වැවිලා තරමක් පඳුරු ස්වභාවයට.මේ පඳුරක් කැපුවමත් ගොවීන්ට නඩු දානවා.නඩු වැඩි ප්‍රමාණයක් දැම්මා කියලා මේකෙන් කියන්නේ නෑ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා.ඒ නිසා 2012 දක්වා හේන් කරපු ගොවීන්ට හේන් කරගන්න දෙනවා නම් ඒක අපි පැහැදිලිවම දෙන්න ඕනකම තියෙනවා.මොකද කුඹුරෙනුයි- හේනෙනුයි රටේ ජනතාවට අවශ්‍යය කරන කෑම බීමයි එන්නේ.ඒ නිසා මේ වගේ ප්‍රායෝගික කාරණා සම්බන්ධයෙන් මේ වැඩසටහනේදී විසදුම් ලබා දිය යුතුයි.

ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට වන අලි ගැටලුව තියෙනවා.පහුගිය දින වල පුද්ගලයින් 05-06 කට ජීවිත නැති වුණා වන අලි පහර දීමෙන්.මේ ගැටලුවට මේ වෙලාවේදී ප්‍රමුඛතාවයක් ලබා දීලා කටයුතු කරන්න.වන ජීවි එකෙන් කියන්නේ අලි වැට ගහන්න ඒ අයට සේවකයෝ නෑ කියලා.අපේ රටේ ඕන තරම් සේවකයෝ ඉන්නවා වැඩ කරන්න, සිවිල් ආරක්ෂක බලකාය ඉන්නවා, ත්‍රිවිද හමුදාව ඉන්නවා.විශේෂ ප්‍රමුඛතාවක් දීලා මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා.තලාව නගරය ආසන්න ගම්මාන වලටත් අදි අලි එනවා.ඒ නිසා මේ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය දීලා දිස්ත්‍රික්කයේ වන අලි තර්ජිත ගම්මාන ආරක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

මේ වැඩසටහනේදී නිළධාරීන්ගේ අලුත් යෝජනා වගේම, රටේ ජනතාවට, රාජ්‍යය සේවය හරි ආකාරව ලබා දෙන්න අපේ අඩුපාඩුව මොකක්ද ? අපි කාර්යක්ෂම විය යුතු තැන මොකක්ද? කියන එක සම්බන්ධයෙන් අදහස් යෝජනා ලබා දෙන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා.අපේ දිස්ත්‍රික්කයේ බහුතරයක් ප්‍රාදේශීය ලේකම්වරුන් තරුණ අය සිටින නිසා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පහසුවක් ලැබෙයි.රාජ්‍යය සේවයට තරුණ ලේ (Young Blood) ගේන්නත් හේතුව ඒකයි.තරුණ ලේ පහුගිය කාළයේ අඩු වෙලා තිබුණ නිසා සමහර වෙලාවට රටේ ප්‍රශ්නත් ඇති වෙලා තිබුණා.මේක කිව්වා කියලා වයසක අය මාත් එක්ක තරහා වෙන්න එපා, මේක කථා කරන්න ඕන ප්‍රශ්නයක්.අපි තරුණයෝ විදිහට, අද තරුණ නිළධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා රාජ්‍යය ආයතන වල, ඒ නිසා ඔබතුමන්ලා මේක ඔලුවට ගත්තොත් මේ වෙලාවේ අපේ වගකීම මොකක්ද? අපි පඩියක් ගන්නේ මොකක් වෙනුවෙන්ද කියලා අපි හිතට ගත්තොත් අපිට පුලුවන් මේ රට වෙනස් කරන්න.මට කලින් මේ පුටුවේ වාඩි වෙලා හිටිය කෙනා කොහොමද වැඩ කලේ, ඒ විදිහටම මමත් වැඩ කරනවා කියලා හිතුවොත් ජීවිතේට මේ රට හදන්න පුළුවන්කමක් නෑ.ඒ නිාස අපි වෙනස් වෙන්න ඕන තැන වෙනස් වුනොත් අපේ වගකීම හරියට ඉෂ්ඨ කරන්න පුළුවන්.

අපි බොහෝ දෙනෙක් හිතනවා වැල යන පැත්තට මැස්ස ගහන එක තමයි බොහෝම ලේසී කියලා.හැබැයි දේශපාලන වශයෙන් මම හැමදාමත් දරන මතයක් තමයි වැල යන පැත්තට මැස්ස ගහන්න නම් නායකයෝ ඕන නෑ කියන කාරණය.මම හැමදාමත් දේශපාලනය කරලා තියෙන්නේ වැල යන අතට මැස්ස ගහලා නෙමෙයි.මට ඕන පැත්තට වැල යවා ගන්න මැස්ස ගහන එක තමයි එදා ඉඳන් මගේ අරමුණ වෙලා තියෙන්නේ.ඒකෙන් අද මේ රට ලබා තියෙන ජයග්‍රහණය මොකක්ද? ඔබතුමන්ලාට මතක ඇති මම පාර්ලිමේන්තුවේ කථා කලා එක රටක්- එක නීතියක් කියලා.ඒ වෙලාවේ අපෙ රටේ නීතිය පිළිගන්න බැරි නම් මේ රටින් යන්න කියලත් මම කිව්වා.හැබැයි මේ ගැටලු අපි මීට කලින් දැක්කේ නැද්ද? අපේ රටේ විවාහ නීති දෙකක් තියෙනවා,අපි සලකන්නේ දෙවිදිහකට, අපි මේක දැක්කේ නැද්ද?මේක දැකලත් කවුරුත් මේක කථා කලේ නෑ, මොකද දේශපාලන වශයෙන් ඒ ඒ ජනවර්ග වල ඡන්ද ටික නැති වෙයි, එහෙම වුණොත් ආණ්ඩු හදන්න බැරි වෙයි, එහෙම වුණොත් ජනාධිපතිකම් නැති වෙයි.ඒ නිසා වරද දැක දැක මේක නොකියා හිටියා.මම මේ පිළිබඳව විනාඩි 16 ක කථාවක් පාර්ලිමේන්තුවේ කලා.හැබැයි අද වෙන කොට මේ රටේ සමස්ථ ජනතාවම පිළිගන්නවා එක රටක් තුළ එක නීතියක් තියෙන්න ඕන කියලා.අද ජනාධිපති අපේක්ෂකයින්ගේ සටන් පාඨය වෙලා තියෙන්නේ ඒ කථාව.මට පාර්ලිමේන්තුව තුළ විනාඩි 16 ක් කථා කරලා සමාජයේ එදා නොතිබුණ මතයක්, තනියම මම කථා කරලා සමාජයම පිළිගන්න මතයක් බවට පත් කරන්න පුළුවන්කම තිබුණා නම් අපිට මේ රට වෙනස් කරන්න පුළුවන්.එවැනි වැඩසටහනක් තමයි ජනාධිපතිතුමත් රට වෙනුවෙන් එකට සිටිමු කියලා අද ආරම්භ කරලා නායකත්වය දීලා තියෙන්නේ මේ රට වෙනස් කරන්නයි.ඒ වෙනුවෙන් අපි සියලු දෙනාගේ සහයෝගය ලබා දෙමු, නායකත්වය දෙමු.මේක රට වෙනුවෙන් , අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන ව්‍යාපෘතියක් යැයිද පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍යයවරුන් වන තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී එ්කනායක යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී බංඩාර මහතා ඇතුළු රාජ්‍යය නිළධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

තිසර සමල් – එප්පාවල

 

Post Views: 2
Previous Post

නෙළුම් කුළුණ ජනපති අතින් විවෘත කෙරේ

Next Post

Mövenpick Hotel Colombo අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කරන Wedding Fair ප්‍රදර්ශනය මෙවරත්

editor

editor

Next Post

Mövenpick Hotel Colombo අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කරන Wedding Fair ප්‍රදර්ශනය මෙවරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved