27 April 2024
#සංවර්ධන

නෙළුම් කුළුණ ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙසින් මේ වන විට හඳුන්වන නෙළුම් කුළුණ අද (16) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණි. එම අවස්ථාවට කථානායක කරු ජයසුරිය මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් පැමිණ සිටියේය. මෙහිදී නෙළුම් කුලුන විවෘත කිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු කෙරුණී.

2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුන ලෙස සැලකෙන අතර එහි උස මීටර් 356ක් වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 104යි දශම 3ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67කමුදලක් චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී තිබේ.

ඉතිරි පිරිවැය දරා ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුයි.

බේරේ වැව අසල ඉදිකර ඇති නෙළුම් කුලුනේ පාදමේ තට්ටු තුනක් මහජන භාවිතය සඳහා පමණක් වෙන් කර ඇති අතර පෙර නොවූ විරූ කැරකෙන අවන්හලකින් ද මෙය සමන්විතයි.

මීටර් 244ක උසකින් යුතු අත්තිවාරමකින් ඉහළ ව්‍යුහයේ විවෘත අවකාශය මත ඉදිව ඇති නිරීක්ෂණ මැදිරිය කුළුනේ වඩාත් ආකර්ෂණීය ස්ථානය විය.

එමෙන්ම එහි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලශ්‍රී පාද කඳුවැටිය, කළුතර චෛත්‍ය යන ස්ථාන පියවි ඇසින් පහසුවෙන් නැරඹිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *