ශ්‍රී ලංකාවේ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ ඇගයීමට ලක් විය. අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී මත්ද්‍රව්‍ය උවදුර සහ වංචා දූෂණ වැළැක්වීමට රජය ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේ සිය සතුට පළ කළහ.
මෙරට ආර්ථිකයට බෝරා ප්‍රජාව ලබා දෙන සුවිශේෂී දායකත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපතිවරයා මෙහිදී බෝරා නායකතුමාගේ ලංකා සංචාරය වෙනුවෙන් සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන ලදී.













