8 September 2024
#දේශීය

ජනපති පත් කල නව තනතුරු ..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුවයි.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *