27 April 2024
#දේශීය

රනිල් නිසායි පැරදුණේ.. ! එජාපයේ දෙදරීම යළි ආරම්භ වෙයි ..!

Asoka TTVnews

ජනාධිපතිවරණ ප්‍රතිඵල සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට පවතින්නේ නොසන්සුන් වාතාවරණයකි. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් කිහිප දෙනෙකු මේ වන විට සිය අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුව පොදු ජන පෙරමුණ වෙත භාර දීමට කිසිදු එකඟතාවයකට නොපැමිණ ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වු සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදි අශෝක අබේසිංහ මහතාගෙන් TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී කියා සිටියේ පරාජයට වීමට මුළික හේතු කිහිපයක් ඇත බවයි. Asoka TTVnews

තැපැල් ඡන්දයට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමා අගමැති යැයි ප්‍රකාශ කිරීම, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව ප්‍රකාශ කිරීම, MCC ගිවිසුම අත්සන් කරන බව පැවසිම, මෙවැනි දේ තුළින් ඡන්දය ප්‍රමාණය අඩු වු බව අබේසිංහ මහතා කියා සිටියේය.

එසේම ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ අදාළ සිංහල ඡන්ද ලක්ෂ 35 ක් ද වෙනත් ඡන්ද ලක්ෂ 20 ද ලැබුණු බවයි. නමුත් පක්ෂයේ ඇතැම් පිරිස් විසින් ගනු ලැබු තීන්දු තීරණ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රමාණයත් ගැනීමට තිබු අවස්ථාව අහිමි වු බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බැන වැදීම තුළින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසට නිසි තැන් ලබා නොදීම තුළින් එම ඡන්ද ප්‍රමාණය අහිමි වු බව අබේසිංහ මහතා පැවසිය.SAJi TTVnews

මේ වන විට සිදු කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව නව ජනාධිපතිවරයාට අවශ්‍යවන ආණ්ඩුවක් පිහිටුවීමට සහාය ලබා දීමයි. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ලබන පෙබරවාරි මස 28 වන දිනයෙන් පසුව පුර්ණ වගකීම ජනාධිපතිවරයා හට හිමිවන බව හෙතෙම පැවසිය.

මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා හට ලබා දී ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගිය යුතු බව අශෝක අබේසිංහ මහතා අප වෙත වැඩිදුරටත් කියා සිටියෙය්.

TTVnews.lk වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් කල විමසීමකදී පැවසුවේ මේ වන විටත් ආණ්ඩුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය නොකල බවයි.

පක්ෂ නායක රැස්වීම හෙට (20) දිනයේදී පැවැත්වෙන අතර එහිදී යම් යම් තීන්දු තීරණ ගැනීමක් සිදු වනු ඇති බවයි. එසේම අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් කියා සිටියේ සජිත් ප්‍රේමදාසයන් පරාජය වන බව දැන දැනම යම් කිසි කණ්ඩායමක් විසින් මෙම ක්‍රියාව සිදු කළ බවයි.

ඔවුන්ට අවශ්‍ය වන්නේ සජිත් ප්‍රේමදාසයන් ලබා පක්ෂය විනාශ කිරීම බවත් එය මේ වන විට සිදු කෙරෙමින් පවතින බව රනිල් පාර්ශවය කියා සිටියේය. එමෙන්ම සජිත් ප්‍රේමදාසය පවා මෙම කණ්ඩායමට රැවටී කටයුතු කිරීම ඉතා කනගාටුදායක බවයි රනිල් වික්‍රමසිංහ පාර්ශවය අප වෙත වැඩිදුරටත් කියා සිටියේ. නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ  ජනාධීපතිවරණයට ඉදිරිපත් වන්නට පෙර සමික්ෂණ වාර්තාවලින් අනුව සජිත් ප්‍රේමදාස මහතා හට ජයග්‍රහණය කල නොහැකි බවයි. රනිල් විරෝධි පිරිස් විසින් මෙම පරාජය එක්සත් ජාතික පක්ෂයට සිදු කල බව මේ වන විට සියළු දෙනා දන්වා බවයි රනිල් වික්‍රමසිංහ පාර්ශවය අප වෙත වැඩිදුරටත් කියා සිටියේ.  

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *