• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල්ව යවන්න ට්‍රයි කරන්නේ එයාව නොදන්න කෙනෙක් – මන්ත්‍රී වජිර

12 February 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කවුරුහරි කෙනෙක් ට්‍රයි කරනවනම් ජනාධිපති රනිල්ව ජනාධිපති පුටුවෙන් බස්සවන්න, මට කියන්න තියෙන්නේ ඒ කෙනා ජනාධිපතිතුමා ගැන නොදන්න කෙනෙක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ පසුගිය 10 වනදා ගම්පහ දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ අදහස් පල කලේය ” ඇතැම් ජනාධිපතිවරු අවුරුදු 12 ක් මේ රට පාලනය කරන්න ඇති, ඇතැම් අය අවුරුදු 5 ක් මේ රට පාලනය කරන්න ඇති, නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට පැමිණි පසු සිදුකළ වැඩ කොටස ඒ සියලු ජනාධිපතිවරු සිදුකළ වැඩකොටසට වඩා වැඩියි.

ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක අපි මේ වනවිට දිස්ත්‍රික් සම්මේලන පවත්වා අවසන් කර තිබෙනවා. අපි ගාල්ල ගියා, හම්බන්තොටට ගියා, රත්නපුරයට ගියා, මහනුවරට ගියා, අනුරාධපුරයට ගියා හෙට අනිද්දට පොළොන්නරුවට යනවා, මේ ආකාරයට ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කරමින් යනවා.

අපේ පක්ෂය හර ගිය කාටවත් දැන් නැවක පක්ෂය සමග එකතු වීමට බැරි කමක් නැහැ. ඒ අය පක්ෂය දාලා ගියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නකන් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති කෙනෙක් බිහි කරන්න බැහැ කියලා. කොහොම හරි කමක් නෑ අසමගිය වෙන් වුනාම සමගිය එක් වුණාම අපි අපේම ජනාධිපති කෙනෙක් බිහි කලා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අසමගිය එළියේ, සමගිය ඇතුළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති පුටුවේ. මේත ලෝක වාර්තාවක්. ඒ ගැන ඉදිරියේදී පොත් පත් පවා ලියවේවී. ඒක ලෝකයේ දේශපාලනය කරන පුද්ගලයින්ට පර්යේෂණාත්මක කෘතියක් වේවී. කොහොමද එක අසුනක් ජනපති වෙන්නේ කියලා.

එදා අපිට දිනන්න ඕන නම් පැනලා යන්න තිබුණා. නමුත් ඒ පැනලා ගිය අයට තේරුණේ නැහැ, නියම දිනුම කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා ගමේ ඉන්න අපේ පක්ෂයෙන් වෙන් වුණු අයට දැන් නැවත අපිත් සමග එකතු වෙන්න පුලුවන්. 1994 ට පස්සේ දැන් නැවත එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. බලන්නකෝ මේක මොන තරම් බලසම්බන්න පක්ෂයක්ද කියලා. බලන්න අපිට එක අාසනයයි තිබුණේ ඒ ආසනයෙන් අපි ජනාධිපති කෙනෙක් බිහි කළා. ඉතින් මීට වැඩිය බලයක් තියනවද කියලා ඔබම හිතලා බලන්න.
අපේ පක්ෂය ඇතුලෙම අපි අරගලයක් අරන් ගියා අපිට ලැබුණු එක ආසනයට අනිවාර්යයෙන්ම යන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලාත මොකද අපිට පෙනුනා වෙන්න යන දේ. නායකයා අනුගමනය කරන් හින්දා අපිට දැනුනා රනිල් වික්‍රමසිංහ කියන්නේකවුද කියලා.

දැන් අපි වැරදුණු ජාතියක්. දැන් අපි පසුගියදා 76 වෙනි නිදහස් දිනය සැමරුවා. මම කියන්නේ නිදහසින් පසුව සිටි සෑම නායකයෙකුටම සම්මානයක් දෙන්න ඕන කියලා. මේ රට මේ ගාණට හරි ආසියාවේ ලෝකයේ තියාගත්තට.
මොකද සියලු ලංකාවේ දේශපාලන පක්ෂ මතක තබාගත යුතු වැදග්ත කාරණය තමයි නිදහසින් පසුව අවුරුදු 75 ක්, මේක නිතර නිතර අපි මතක් කරනවා. නිදහසින් පසුව අවුරුදු 75 ක් පක්ෂ විපක්ෂ දේශපාලන නායකයෝ මේ රටේ සිංහල වෙන්න පුලුවන්, මුස්ලිම් වෙන්න පුලුවන්, දෙමළ වෙන්න පුලුවන්. සියලු දෙනා අතර සිදුවෙලා තිබෙන්නෙ අකල් මරණයන්ට ගොදුරු වීමක්.

1948 ඉඳලා හිටපු හැම රාජ්‍ය නායකයෙකුටම එක්කෝ අකල් මරණයක්, එහෙම නැත්තම් අකල් මරණයකින් ගැළවිලා ජීවත් වීම සිදු වෙලා තිබෙනවා. දැන් මේවා ගැන අපේ රටේ දේශපාලන පක්ෂ කතා කරද්දි පරිස්සමින් කතා කරන්න තිබෙනවා. රටට ජාතියට පැවැත්ම ඉතා වැදගත්. එතකොට ආරක්ෂාව ගැන යොදන යම් යම් ක්‍රම ගැන විවේචනය කරන කණ්ඩායම් පරිස්සමින් ඒ ගැන සොයා බැලිය යුතුව තිබෙනවා. දැන් ඉතින් මෙහෙම අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ නායකත්වයට පත් වෙලා තිබෙන්නේ. මේක ලේසි වැඩක් නෙමෙයි. මට මතකයි 2014 කාලයේදීත් රටේ ආර්ථිකය වැටුණා. එදා ඡන්දය තියන්න නියමිතව තිබුණේ 2017 දී. නමුත් අවුරුදු තුනකට කලින් ඡන්දය ප්‍රකාශයට පත් කරන්න වුණා. ඇයි ඒ? ආර්ථිකය කඩා වැටුණා. රට ඉස්සරහට අරගෙන යන්න බැරිවුණා.

මේ වගේම වුණා 2000 වර්ෂයේදීත්, එදත් 2000 දී නව ආණ්ඩුවක් බිහි වුණා. ඒ ආණ්ඩුව අවුරුද්දක් තුළදී කඩාගෙන වැටුණා. නැවත 2001 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ නව ආණ්ඩුවක් බිහිවුණා. එදත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ බර කරට අරගෙන ජපානයේ ටෝකියෝ නුවරට ගිහිල්ලා ටෝකියෝ සමුළුව අමතලා ලංකාව ගොඩගන්න හැටි කිව්වා. ඒ වෙනුවෙන් එතුමා පොතක් නිකුත් කරා යළි පුබදමු ශ්‍රී ලංකා කියලා. ඒ පොතෙ සම්පූර්ණයෙනක්ම රට ගොඩගන්න හැටි කියලා තිබුණා. නමුත් අවාසනවාක මහත කියන්නේ ලංකාවේ මිනිස්සු නැවත වරක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පරාජය කළා. දැන් අපි නැවත වරක් ක්‍රියාත්මක කරමින් ඉනනේ ඒ පොතේ තිබෙන කරුණුම තමයි. කොහොම හරි කමක් නෑ දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වාඩි වෙලා ඉන්නේ ජනාධිපති පුටුවේ. ඉතින් මම කියන්නේ දැන් නම් විහිලුවටත් ට්‍රයි කරන්න එපා එතුමාව මේ පුටුවෙන් එලව ගන්න. නිකන් ට්‍රයි කරලා අමාරුවේ වැටෙන්න එපා. එහෙම සිතුවිල්ලක්වත් තියාගන්න එපා.
දැන් ලංකාවේ ඉන්නවද කවුරුහරි ජනාධිපති ධූරයට පත් වෙන්න පුලුවන් කෙනෙක්. ඔබ ගෙදර ඉන්න ගමන් හිතලා බලන්නකෝ. ඇස් දෙක වහලා භාවනාවක් වගේ මෙනෙහි කරලා බලන්න මේ රට ගෙනියන්න පුලුවන් වෙනත් නායකයෙක් ඉන්නවද කියලා. එතකොට ඔබටම තේරේවී.

ඒ උනාට ඔබට නැවත වරක් රවටන්න කී දෙනෙක් වේදිකා උඩට නැගලා කෑගහනවද කියලා. ඇතැම් අය ඒවා පස්සෙන් යනවනේ. දැන් අපි කොහොමද මේක බේරගන්නේ. බලන්න පාර්ලිමේන්තුවේ 225. මී අවුරුදු දෙකකට කලින් මේ 225 ජනතාවට මුහුණ නොදී හැංගුණා. පාර්ලිමේන්තුව ඉස්සරහින් ගියේ ෆේස්මාක් දාගෙන ත්‍රීවිල් වල නැගලා. කොරෝනාවලට බයේද? නෑ ජනතාවට මුහුණ දෙන්න බැරුව බයේ. පක්ෂවල බෝඩ් ලෑලි ගලවලා ගෙවල් ඇතුළේ හැංගුවා. මිනිස්සු පාරට බැහැලා දේශපාලනඥයින්ට ගැහුවා. ඔවුන්ගේ ගෙවල් කුඩු කරා. බලන්නකෝ වැඩේ දුරදිග ගිය හැටි.

හැමෝම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බයයි. එතුමා අපෙක්ෂකයා නම් සහයෝගයය දෙන්නේ නැහැ. 2014 වසරේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා වෙන්න හදනකොට සමහර සංවිධාන මොකද්ද කිව්වේ? රනිල් ඉල්ලනවනම් අපේ සහයෝගය දෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ නිසා අපි සිරිසේන මහත්තයා දැම්මා. ඊට පස්සේ ටික කාලයක් යනකොට දින 53 ආවා. ඒකෙනුත් වැඩේ වැරදුණා. ඊට පස්සේ ගැහුවා පාස්කු බෝම්බේ. ඔන්න ඒ පාර මහජනයා හිතුවා ලංකාවට සිකුරිටි ගාඩ් කෙනෙක් හොයාගන්න ඕන කියලා. ලංකාවේ සිකුරිටි වැරදිලා ගොඩක් කල්. 1948 දී ලංකාව නිදහස ලබාගත්ත.ා 72 දී පූර්ණ නිදහස ලබාගත්තා. ඕන්න ඉතින් ලංකාව පූර්ණ නිදහස ලබාගන්නකොට ලංකාව ඉවරයි. මොකද්ද වුණේ ත්‍රිකුණාමලයේ හිටිය එංගලන්ත හමුදාව එලවගත්තා. ලංකාව වටේම මුහුද අපිට නාවික හමුදාවේ හයියක් නැහැ, අපිට ආර්ථික හයියක් තිබුණේ නැහැ, ඉතින් ඒ නිසා හැමෝම අපේ බොඩිගාඩ් වෙන්න බලනවා. බලන්නකෝ අපිට වැරදුණු හැටි. ලෝකයේ අනිත් රටවලුත් නිදහස ලැබුවා. නමුත් ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව තියාගත්තා. මාලදිවයිනේ ආරක්ෂාව තියාගත්තා. සිංගප්පූරුවත් ආරක්ෂාව තියාගත්තා. ජපානෙත් එහෙමයි. අප ලෝකෙට ලොක්කෝ වගේ නිදහස් කියලා කිව්වා. ඊට පස්සේ හැමෝම අපේ බොඩි ගාඩ් වෙන්න ට්‍රයි කළා.

දැන් ඉතින් මේ දේවල් දැනගෙන තමයි මේ සෙල්ලම කරන්න ඕන. දැන් ආයෙම වරද්දගෙන පස්සේ එන්න එපා අපේ කණ්ඩායමට වරද්ද පටවන්න. වරද්දන අයගේ ගෙවල් හොයාගෙන යන්න.දැන් ඇතැම් අය කියනවනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පින් ජනාධිපති කියලා. ඔව් එතුමා පින් ජනාධිපති තමයි. එතුමාගේ පින නොතිබ්බනම් මේ රටට මොනවා වෙයිද කියලවත් හිතා ගන්න බැහැ. එහෙනම් තාම අපේ කට්ටිය කෑන් උස්සගෙන පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල් පෝලිම්වල. ඇතැම් ජනාධිපතිවරු අවුරුදු 12 ක් මේ රට පාලනය කරන්න ඇති, ඇතැම් අය අවුරුදු 5 ක් මේ රට පාලනය කරන්න ඇති, නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට පැමිණි පසු සිදුකළ වැඩ කොටස ඒ සියලු ජනාධිපතිවරු සිදුකොළ වැඩකොටසට වඩා වැඩියි.

දැන් ඉතින් මෙවැනි තත්ත්වයක් උඩ කවුරුහරි කෙනෙක් ට්‍රයි කරනවනම් ජනාධිපතිතුමාව ජනාධිපති පුටුවෙන් බස්සවන්න, මට කියන්න තියෙන්නේ ඒ කෙනා ජනාධිපතිතුමා ගැන නොදන්න කෙනෙක් කියලා. මොකද මට විශ්වාසයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසැක වශයෙන්ම මේ රට ගොඩදානවා. ඒ ගැන ඔබ කිසිම සැකයක් තියාගන්න එපා. ඒ වගේම තමයි අද සමහර අය කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලෝක වටේ සවාරියනවලු. ඔව් එතුමා යනවා තමයි. ඉතින් වෙන කවුරුහරි ජනාධිපති කෙනෙක්ට එහෙම ආරාධනා ලැබිලා තියෙනවද? එතුමා ලෝකේ වටේ යන්නේ ආසාවට නෙමෙයි. එතුමා මේ යන්නේ මේ රට ගොඩගන්න, මෙ රටේ ජනතාව ගොඩගන්න. එහෙම නොගියා නම් ඔබට පෙට්ට්‍රල්, ඩීසල්, භුමිතෙල් ලැබෙයිද?

කිසිම දේශපාලන නායකයෙකුට පුලුවන්කමක් ලැබුණේ නැහැ අවුරුද්දයි මාස 07 ක් ඇතුළත ලෝක නායකයෝ සේරම හමුවෙන්න. හමුවෙන්න ඕනකම තිබුණත් හමුවෙන්න ආරධනා කළ යුතුයිනේ. එහෙනම් ශ්‍රී ලාංකික මහජනතාව සතුටු විය යුතුයි. අද වර්තමානයේ ශ්‍රී ලංකාව පාලනය කරන නායකයාට ලෝකයේ සැමගෙන් තිබෙන ආරාධානා පිළිබඳව ශ්‍රී ලාංකිකයන් හැටියට ආඩම්බර විය යුතුයි. ඒ නිසා තමයි මේ අවුරුද්දයි මාස 07 ඇතුළත එතුමා ඇමරිකාවේ ජනාධිපති, චීනයේ ජනාධිපති, එහෙම නැතිනම් ප්‍රංශයේ අගමැති, එංගලන්තයේ අගමැති, ජපානයේ අගමැති, ඉන්දියාවේ අගමැති, මැලේසියාවේ අගමැති, මාලදිවයිනේ අගමැති, දැන් මේ ඊයේ පෙරේදා ඕම්ට්‍රෙලියාවේ, ඇතුළු මේ ලෝකයේ සෑම රටක්ම රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාගේ තිබෙන අත්දැකිම්, පළපුරුද්ද සහ දේශපාලන හැකියාව නිසා ලෝකය ශ්‍රී ලංකාව ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙන්නේ.

ඒකයි මම කියනනේ ලෝකයේ මොන රටකවත් නායකයෙක්ට බැහැ කියලා අපේ නායකයාට සම කරන්න. ඇමරිකාවේ වෙන්න පුලුවන්, රුසියාවේ වෙන්න පුලුවන් එහෙමත් නැතිනම් චීනයේ වෙන්න පුලුවන්, මේවායේ නායකයෝ ඒ රටට ලොක්කෝ වෙන්න පුලුවන්. නමුත් අපේ ලොක්කා ලෝකෙට ලොක්කා. ඒ නිසා කිසි කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. රට වෙනුවෙන් එතුමා හරි තීන්දු තීරණ ගන්න බය වෙන්නේ නැහැ. එහෙනම් මෙය නැවත කඩා බිඳ දමා විනාශ කළොත් එහි වගකීම ඒ සම්බන්ධයෙන් බොරු කියන කණ්ඩායම බාරගත යුතුව තිබෙනවා. ඒ ගැන මහජනතාව කල්පනාවෙන් සිටි යුතුයි. ඒ අපරාධය ශ්‍රී ලංකාවට අවුරුදු 75 ක් කරලා තිබෙනවා. එය නැවැත්විය යුතුයි කියන එකයි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න තිබෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,876
Previous Post

ශ්‍රී ලංකාව සහ ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ආරම්භ කරයි

Next Post

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුවයි -මන්ත්‍රී මරික්කාර් 

editor ttvnews

editor ttvnews

Next Post
වික්‍රමසිංහ- පොහොට්ටු හොර ජුන්ටාව පන්නන්න ජනවාරියේ පාරට බහිනවා – මන්ත්‍රී මරික්කාර්

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුවයි -මන්ත්‍රී මරික්කාර් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved