27 April 2024
#දේශීය #පුවත්

ශ්‍රී ලංකාව සහ ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ආරම්භ කරයි

ඉන්දියානු සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත ( UPI) ක්‍රියාවලිය ආරම්භ කිරීම අද (12) සිදු කෙරිණ. ඒ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

ඒ අනූව UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය, මෙරට ලංකා QR ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වේ.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමිව සිදු කෙරුණු අතර මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත ය

Leave a comment

Your email address will not be published. Required fields are marked *