• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

ජනපති රනිල් ඒකාධිපති විධායකයෙක් – විපක්ෂනායක සජිත්

15 March 2023
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒකාධිපති විධායකයෙක් ලෙස හැසිරෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය දී එවක මුදල් ඇමතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කළ ගනුදෙනු සහ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස පැවසුවත් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම් සඟවමින් සිටින බවත් ඔහුගේ පුටුව වෙනස් වන විට තීන්දු තීරණ ද වෙනස් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (14) මහර දී පැවැති ජන හමුවක් ඇමතීමේ අවස්ථාවට එක්වෙමිනි.

ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ත්‍රිත්වය එකට ක්‍රියාත්මක වුවත් මේ වන විට රට තුළ ඇත්තේ ඒකාධිපති විධායකයක් බවත් ඒ තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ එහි විනිසුරුවන්ට අපහාස කරමින් ඔවුන්ව පාගා දමන තත්ත්වයට රටේ පාලකයන් පත්ව ඇති බවත් ඒ තුළින් අධිකරණ තීන්දු පවා අභියෝගයට ලක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දුන් ජනතාවගේ ඡන්ද අයිතිය පවා අහෝසි කරමින් සිටින බවත් හෙතෙම පැවසීය.

රටක් ලෙස අප හැරවුම් ලක්ෂයකට මුහුණ දී ඇතත් වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ අලි කපුටු පොහොට්ටු රජය ඒ සඳහා ඉඩක් ලබා නොදෙන බවත් එම හැරවුම් ලක්ෂයට ආණ්ඩුව මුහුණ දුන්නහොත් ඔවුන්ට ඇපත් නොමැති බවත් ප්‍රේමදාස මහතා අනාවරණ කලේය.

ජනතා විරෝධී, ජනතාවට හතුරුකම් කරන ජන පීඩක, ජන ඝාතන ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ බදු ගැසීමෙන් බඩු මිල වැඩි කිරීමෙන් ජනතාවගේ අතේ ඇති අන්තිම සතේ පවා හූරා ගෙන ආර්ථිකය කුඩා කිරීම බවත් නමුත් සිදුවිය යුත්තේ ආර්ථිකය වර්ධනය කර මිනිසුන්ගේ අතට මුදල් ලැබෙන මාර්ග වර්ධනය කිරීම බව විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් රජය විසින් සිදු කරන මේ බදු චක්‍රය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ ඉල්ලුම තෙරපීමක් බවත් ඒ තුළින් උද්ධමනය අඩු වී යථා තත්ත්වයට රට පත්වෙතැයි සිතුවත් එය සැබවින්ම වැරදි ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කළේය.

රටේ බඩු මිල වැඩි වුණත් එය රාජපක්ෂ පවුලට හෝ ඔවුන්ට හිතවාදීන්ට කිසිදු ගැටලුවක් නොවන බවත් ගැටලුව වී ඇත්තේ ලක්ෂ 220ක් වූ ජනතාවට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ආණ්ඩුවට කරන්න බැරි වූ බොහෝ දේ විපක්ෂයක් ලෙස පසුගිය වසර 3ක කාලය තුළ සමගි ජන බලවේගය ඉටු කළ බවත් කයිවාරුවට මුල්තැන දෙනවා වෙනුවට වැඩ කර පෙන්වීම සමගි ජන බලවේගයේ ස්වාභාවය බවත් එබැවින් තවදුරටත් නොරැවටී සැබෑ උත්තරය සොයා සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

ආදරයයි රැකවරණයයි යන තේමාව යටතේ ආදරවන්තයින්ගේ දිනයේදී අලියාන්ස් විසින් රක්ෂණය පිළිබඳ දැනුවත් කරයි

Next Post

චීනයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට නිල ඇඳුම් රෙදි පරිත්‍යාගයක්

editor

editor

Next Post

චීනයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට නිල ඇඳුම් රෙදි පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved