27 April 2024
#ව්‍යාපාර

ආදරයයි රැකවරණයයි යන තේමාව යටතේ ආදරවන්තයින්ගේ දිනයේදී අලියාන්ස් විසින් රක්ෂණය පිළිබඳ දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්‍ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා විසින් පෙබරවාරි 14 දිනට යෙදුනු ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව ආදරයයි රැකවරණයයි යන තේමාව යටතේ දීපව්‍යාප්ත පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

දිවයිනේ ස්ථාන 48 ක් ආවරණය කරමින් පැවැත්වුනු මේ වැඩසටහන සඳහා අලියාන්ස් ලංකා විකුණුම් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් 1400 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ශ්‍රීලාංකිකයන් සඳහා, ඔවුන්ගේ ජීවිත වෙත වටිනාකමක් එක් කර ගැනීමට හැකියාව පවතින සුවිශේෂී රක්ෂණ අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම සහ අලියාන්ස් ලංකා සෑම විටම පාරිභෝගික භවතුන්ගේ රැකවරණය පිළිබඳව සැලකිලිමත් වන බව විදහා දැක්වීමයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ස්මී මහතා සඳහන් කර සිටියේ, “අලියාන්ස් හි අපගේ අරමුණ වන්නේ පාරිභෝගික භවතුන්හට නිදහස් මනසක් ලබා දීම සහ ඔවුන්ගේ ජීවිතවල වටිනා දෑ ආරක්ෂා කිරීම සඳහා අවැසි සහයෝගය ලබා දීමයි.” යනුවෙනි. එමෙන්ම වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ, ” අපගේ වටිනා පාරිභෝගික භවතුන් වෙත විශිෂ්ටතම රැකවරණය සහ සේවාව ලබා දීම උදෙසා වන කැප වීමක් ලෙස ආදරයයි රැකවරණයයි ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය දැක්විය හැකි බවත් අප විසින් පිරිනමනු ලබන විවිධ රක්‍ෂණ සැලසුම් පිළිබඳව දැනුවත් වීමට අපගේ පාරිභෝගික භවතුන් බොහෝ දෙනෙක් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ගැන අපි සතුටට පත් වන අතර අනාගතයේදී ඔවුන්ට සේවය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවති කාලය තුළදී, සාමාන්‍ය රක්‍ෂණ යටතේ, කඩ සාප්පු හිමියන් වෙත Allianz Shopkeepers’Insurance සහ නිවාස හිමියන් වෙත Allianz Householders’ Insurance ඇතුළු අලියාන්ස් ලංකා හි පුළුල් රක්ෂණ සැලසුම් සහ සේවා පිළිබඳව දැනුවත් වීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි විය. එමෙන් ම ජීවිත රක්ෂණ යටතේ Allianz Invest4Life, Allianz Family Protector, Allianz Vishrama Suwa, Allianz Arogya සහ Allianz Divitharana රක්ෂණයන් පිළිබඳව දැනුවත් වීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය.

 

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *