ජනාධිපතිවරණයට පෙර රට ත්‍රස්තවාදයෙන් මුදාගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එහිදි ජනාධිපතිවරයා පෙන්වාබ දුන්නේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට කටයුතු සිදුකරන බවයි.
එහිදි මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම් මර්දනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.