27 April 2024
#දේශීය

මාකඳුරේ මධුෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනි

ඩුබායිහිදි අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධානතම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට අද (05) අලුයම පැමිණිමෙන් පසු කටුනායකදී CID භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම 5.00ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වු බවයි. අපරාධ රැසකට සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාකඳුරේ මධුෂ් මෙරටින් පළ ගොස් ඩුබායිහි සුඛෝපභෝගී දිවියක් ගත කළ අතර මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ පසුගිය පෙබරවාරි 5 වැනිදායි.

ඒ ඩුබායි සුපිරි හෝටලයකදී සිය දරුවෙකුගේ උපන් දින සාදයක් පවත්වමින් සිටියදීයි. ඔහු සමග අත්අඩංගුවට පත්වූවන් අතරින් 30 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඩුබායි අත්අඩංගුවේ සිටි මධුෂ් එරට අධිකරණයකට නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටියේ, තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි.

මාකඳුරේ මධූෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කළේ, තමාට ජීවිත තර්ජන ඇති බව සහ තවත් කරුණු කිහිපයක් දක්වමිනි.

මේ අතර වාරයේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා එරට බලධාරීන් හමුවී මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් ද සිදු කළේ ය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *