• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් මත අවලංගු කරන්නේ නෑ – ඇමැති වජිර

9 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බවත්. එය සැළසුම් කළ පරිදි හික්කඩුව තොටගමුව රන්පත් විහාරයේ පවත්වන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික වෙසක්දින උත්සවය සංවිධානය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක දී අදහස් දක්වමිනි.

මෙම රැස්වීමට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, අකුරටියේ නන්ද හිමියන්, මහාචාර්ය කණුමුල්දෙණියේ චන්දවිමල හිමියන් ඇතුළු මහා සංඝරත්නයත්, අමාත්‍යාංශ ලේකම්, ගාල්ල දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙහි දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ ද කීවේය.” ගාල්ල දිස්ත්‍රික්කයට ජාතික වෙසක් උත්සවය පවත්වන්න අවස්ථාව ලැබුණේ ඉතිහාසයේ ප්‍රථම අවවස්ථාවට. අපි ඒ සඳහා මාස ගණනක සිට සූදානම්ව සිටිනවා. ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා ආරක්ෂාව පිළිබඳ තහවුරු කර තිබෙනවා. ජාතික වෙසක් උත්සවය පවත්වන හික්කඩුව තොටගමුව රන්පත් රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිසිම බාධාවකින් තොරව සිදුකෙරෙනවා. ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් කෝටි ගණනක සංවර්ධන කටයුතු එම විහාරස්ථානය මුල්කරගෙන සිදුකරනවා. කිසිම හේතුවක් නිසා ජාතික වෙසක් දින උත්සවය පැවැත්වීම නවත්වන්නේ නැහැ. ඉදිකිරීම්, සැරසිළි කටයුතු දැනටමත් කරනවා. මෙම ජාතික වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කය පුරාමත් සමස්ථ ශ්‍රී ලංකාවේමත් වෙසක් සැමරීම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකිරීමට අපි කටයුතු යොදනවා. රජයක් ලෙස ඊඑට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.

නමුත් ඇතැම් වෛරී දේශපාලනයේ යෙදෙන අය අසත්‍ය ප්‍රචාර කරගෙන යනවා. ගාල්ලේ ඉස්ලාම් පල්ලි පරීක්ෂා කළේ නැහැ කියනවා. පරීක්ෂා කිරීම්වටල අපි ඉඩ දුන්නේ නැහැ කියා කියනාව. බෝම්බ ප්‍රහාරය සිදුවූ වහාම අපි ගාල්ලේ ආරක්ෂක කමිටුව කැඳවලා ගාල්ල දිස්ත්‍රික්කයේ ම තිබෙන සියලුම මුස්ලිම් පල්ලි පරීක්ෂා කරන්න කියා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා. එපමණක් නොවෙයි ගාල්ලේ සැකකටයුතු යම් ස්ථානයක් තිබේනම් එය ද පරීක්ෂා කරන්න කියා අපි ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවූ දිනයේ ම උපදෙස් දී තිබෙනවා. දැන් ඒ පිළිබඳ වාර්තා පවා අපි ලබාගත්තා. සමාජ ජාල ඔස්සේ වෛරය වපුරවමින් රටේ ජාතිවාදය අවුස්සා කෝලාහල ඇතිකරන්න උත්සාහ ගන්නා පිරිස්, දේශපාලන පටු පරමාර්ථ මුදුන්පත් කරගන්න උත්සාහ ගන්නා පිරිස් පතුරුවන අසත්‍ය කතා වලට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලා සිටින්න කැමතියි. මෙවැනි අය පිළිබඳ දැන් රහස් පොලිසියට පැමිණිලි කරලා තිබෙනවා. ජාතිවාදය පතුරුවන එවැනි අයට සුදුසු දඬුවම් ඉදිරියේ දී නීත්‍යානුකූළවම ලැබේවි. ඇතැම් අය මට මොහොමඩ් වජිර කියා කියනවා. මා ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ නායකයෙක් හැටියට මුස්ලිම් ජනතාව සමගත් සහජීවනයෙන් කටයුතු කරනවා. මා ගාල්ලේ සිංහල බෞද්ධයන්ට නායකත්වය දුන් බව දෙන බව අපේ මහා සංඝරත්නය හොඳින්ම දන්නවා. අපි මේ නායකත්වය අවුරුදු 25ක් පුරා නොදුන්නානම් ගාල්ලත් අද වනවිට තවත් සමන්තුරය ප්‍රදේශයක් බවට පත්වෙලා තියේවි. මේවා අපි බුද්ධිමත්ව තේරුම්ගත යුතුයි. අදටත් ගාල්ලේ සිංහල බෞද්ධ, මුස්ලිම්, හින්දු, කතෝලික හැමෝම සහයෝගයෙන් සමගියෙන් ජීවත් වෙනවා. මා ඉල්ලා සිටින්නේ මේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සමගියෙන් සමාධානයෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියා.”අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 4
Previous Post

මේ ප්‍රහාරය ඇතැම් අය දේශපාලන බංකොලොත්කම වසා ගන්න හදනවා – ජවිපෙ

Next Post

“සුළග අප රැගෙන යාවි” රිදී ජුබිලිය සමරයි!

editor

editor

Next Post

"සුළග අප රැගෙන යාවි" රිදී ජුබිලිය සමරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved