ජපානයේ ෂිමානේ ප්‍රාන්තයට රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
එරට වේලාවෙන් අඟහරුවාදා පෙරවරු 10:18 ට මෙම භූකම්පනය ඇතිව තිබෙන අතර ජපාන භූ කම්පන තීව්‍රතා පරිමාණයට අනුව මෙය 5 වන මට්ටමේ (මට්ටම් 1-7 දක්වා වූ පරිමාණයේ) ප්‍රබල කම්පනයකි.
පළමු කම්පනයෙන් මිනිත්තු 10 කට පසුව, යසුගි ප්‍රදේශයේ රික්ටර් මාපක 5.1 ක තවත් පසු කම්පනයක් වාර්තා වි තිබෙනවා. එහි තීව්‍රතාව මට්ටම 5 ට වඩා අඩු අගයක් බවයි වාර්තා වුණේ.
මෙම භූ කම්පන තත්ත්වයන් හේතුවෙන් මුහුදු රළ රළු වීමේ අවදානමක් පවතීදැයි පරීක්ෂා කළ ද, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කළේ මේ දක්වා කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි. කෙසේ වෙතත්, ප්‍රධාන කම්පනයෙන් පසු තවත් පසු කම්පන කිහිපයක්ම එම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.














