බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතා නව තනතුරක රාජකාරී ආරම්භ කර තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතා ගල්කිස්ස කොට්ඨාස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත් කර ඇත.
ගල්කිස්ස පරමධම්ම චේතිය පරිවේණාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර නායක හිමිපාණන් ඇතුළු අන්‍යාගමික පූජකතුමන්ලාගේ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඒ මහතා සිය නව ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
මෙම පත්වීම පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අවශ්‍යතාවන් මත සිදු වූවකි.














