දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ් මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (17) ප්‍රතික්ෂේප කරන ලදී.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකාර සභාපතිවරයාට එරෙහිව පවතින දූෂණ චෝදනාවල බරපතලකම සලකා බලමින්, විමර්ශන කටයුතු සඳහා බාධාවක් විය හැකි බැවින් ඇප ලබා දීම ප්‍රතික්ෂේප වූ බව වාර්තා වේ.
ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළේය.














