රනිල් වික්‍රමසිංහ යන්න මෙරට වැඩිම වර ගණනක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අයෙකි.
ඔහු මේ වන විට අසම්පුර්ණ අග්‍රාමාත්‍ය ධුර කාලයක් හෙබ වු අයෙකු බව ද වාර්තා ගත වනවා.
ඔහු පලමු වරට අග්‍රාමාත්‍ය ධුරය ලැබුවේ 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වා කාලයේදිය. ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය ඩි.බි.විජේතුංග ජනාධිපති තනතුරට පත්වූ පසුවය.
එසේම 1994 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවේ පරාජය වීමත් සමග පක්ෂය හැර ගොස් සිටි දිවංගත ගාමිණි දිසානායක වැඩි ජන්දෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූ පසුව විපක්ෂ නායකකම ධුරය ලැබුණ ද එම වර්ෂයේම පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ගාමිණි දිසානායක මහතා ජිවිතක්ෂයට පත්වූ අතර පසුව එකසත් ජාතික පක්ෂයේ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ හට හිමි විය.
1999 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජයගත්තේය. නමුත් 2001 වර්ෂයේදී පැවති මහ මැතිවරණයෙන් ආසන 109 ක් දිනා ගනිමින් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා දෙවන වරට අගමැති තනතුරට පත්විය.
2004 වර්ෂයේදී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විය. එදින සිට 2015 ජනවාරි මස 08 වෙනිදා පැවති ජනාධිපතිවරණය දක්වා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර දරුවේය.
වසර 10 ක කාලයකට පසුව එනම් 2015 දී එක්සත් ජාතික පක්ෂය විසින් නම් කල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පත් වු පසු යළිත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට තෝරා පත් කලේය.
2015 වර්ෂයේ අගෝස්තු මාසයේදී පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යලිත් වරක් බලයට පත්වූ අතර එහිදී යලිත් වරක් අගමැති තනතුර සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නම් කරනු ලැබුවා.
නමුත් 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 26 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවර කර එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කළේය.
එම පත් කිරීම නීතිවිරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලද තින්දුව අනුව යළිත් වරක් රනිල් වික්‍රමසිංහ මහතාව 2018 වර්ෂයේ දෙසැම්බර් මස 16 වෙනිදා අගමැති තනතුරට පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදුවුණා.
2019 වර්ෂයේ නොවැම්බර් මස 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමග නව ආණ්ඩුවක් පත් කිරීමට ඉඩ දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එකසත් ජනතා පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය.
රනිල් වික්‍රමසිංහයන්ට ඇත්තේ අගමැති ධුරය නොවන බවත් ඔහුට ඇත්තේ දිනකට හෝ මෙරට ජනාධිපති ධුරය බව ඔහුගේ පැරණි හිතවතෙකු කියා සිටියේය. ඔහු කියා සිටියේ එය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හිමි කර ගන්නා ඕනෑම කෙනෙක් එම සිහිනය දකින බවයි. නායකත්වය තුළ ඇත්තේ ද එවැනි අදහස් බව ඔහු කියා සිටියේය. තව ජිවිතය අවසන් වීමට පෙර ජනාධිපති ධුරය ලබන්නට රනිල්ගේ සිහිනය වන්නේද? එය සෑබෑවක් වන්නේ ද? යළි ජනාධිපතිවරණයක් පැවත්වෙන්නේ බොහෝවිට 2025 වසරේ දිය. එතෙක් රනිල්ගේ මේ සිහිනය රැදෙවිය.
දිලිනි සමන්මලි