27 April 2024
#දේශීය

43 මානව හිමිකම් සැසිය සඳහා විදෙස් ඇමැති ජිනිවා නුවරට

එක්සත් ජාතීන්ගේ 43 වන මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දූත පිරිස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ළඟා වී තිබෙන බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

මාර්තු 20 වනදා තෙක් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීම සඳහා පිටත්ව ගිය පිරිසට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට අමතරව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මෙන්ම විදේශ සබඳතා අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

පසුගිය රජය සම අනුග්‍රහකත්වය ලබාදුන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට අදාළ 30/1 සහ 34/1 දරණ යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව හෙට පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දැනුම් දෙනු ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *