බදුල්ල – මහියංගනය මාර්ගයේ දී අද (15) උදෑසන 7.15ට පමණ තවත් අනතුරක් සිදුව තිබෙනවා.
මෙය සිදුව තිබෙන්නේ බදුල්ල – මහියංගනය මාර්ගයේ දී දුන්හිද හන්දියේ දීයි
බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් වේගය පාලනය කර ගැනිමට නොහැකිව බස් රථය ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට පත් බස් රථයේ 30ක පමණ පිරිසක් ගමන් කර තිබෙන අතර ඉන් 7 දෙනෙකුට පමණ තුවාල සිදුව තිබෙනවා.