දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද්ධ නීතිය පැනවීම සහ රට තුළ කැරැල්ලක් ඇතිකිරීමට උත්සාහ කිරීම යන චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජනවාරි 3 වන දා විමර්ශන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහය ද අසාර්ථක වූ බව ත් ඉන් අනතුරුව අද (ජන. 15) 1000 කට අධික නිලධාරීන් කණ්ඩායමකගේ මෙහෙයුමකින් පසු ජනාධිපති යූන් සිටි ස්ථානය වටලා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ත් ය.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ජනාධිපති යූන්ගෙන් මේ වනවිට දූෂණ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලබන බව ය.
අද උදෑසන එරට වේලාවෙන් 11:00ට පමණ ඔහුගෙන් ප්‍රථම වරට ප්‍රශ්න කළ අතර අද දහවල් නැවතත් ප්‍රශ්න කරනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියානු ඉතිහාසයේ බලයේ සිටින ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වේ.
උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන උපුටා දක්වමින් දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් දෙසැම්බර් 3 වන දා යුද්ධ නීතිය ප්‍රකාශ කළේ ය. කෙසේ නමුත්, එරට මේ සම්බන්ධයෙන් ඇතිවූ මහජන විරෝධතා සහ හදිසි පාර්ලිමේන්තු ඡන්දයක් ඇති කරමින් පැය කිහිපයක් ඇතුළත එම පියවර අවලංගු කරන ලදී.
එමෙන් ම, ජනාධිපති යූන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් එරට මන්ත්‍රීවරුන් දෝෂාභියෝගයක් ද ගෙන ලක් කර තිබිණි.