• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දස අවුරුද්දක වැඩ එක අවුරුද්දකින් කර තියෙනවා – ඇමැති පාඨලි

1 August 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව මේ වන විට නිවාස 15,000 ක් ලබා දී තිබෙන අතරම ඉදිරි මාස දෙක තුනේදී තවත් නිවාස 5,000 ක් ලබාදීමට කටයුතු කරන බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොම්පඤ්ඤවීදිය මෙට්රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්, හිටපු පළාත් සභා මන්ත‍්‍රී ෆයිරු හාජි යන මහත්ම මහත්මීන්ද සහභාගි වී සිටියා.

කොළඹ කොම්පඤ්ඤවීදියේ ප‍්‍රති සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 7,000ක වියදමින් ඉදිකරන ලද මෙට්රෝ හොම්ස් මහල් නිවාස ව්‍යාපෘතිය, නිවාස ඒකක 626 කින් හා කඩ කාමර 120 කින් ද, මහල් නිවාස සංකීර්ණයේ වර්ග අඩි 400 සිට 1,200 දක්වා ප‍්‍රමාණයන්ගෙන් නිවාස සමන්විතය. මැලේවීදිය, ජාවා වීදිය, ලේන් වීදිය යන ප‍්‍රදේශයන් හි ජීවත්වන අඩුපහසුකම් ජනතාවට මෙම නිවාස සංකීර්ණයේ නිවාස හිමිකම් ලැබෙනු ඇත. එම ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම මෙම ප‍්‍රදේශයේ අධික වාණිජ වටිනාකමකින් යුත් භූමි භාගයන් විධිමත් ලෙස ආයෝජනය කරමින් රටේ ප‍්‍රධාන වාණිජ අගනගරයට තවත් ශක්තියක් ලබාදීම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණකි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරීම යෝජිත මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන් කලම්බු ප්‍රෙජෙක්ට් පුද්ගලික ආයතනය සමග එක්ව සිදු කරයි. ඒ අනුව අක්කර 5 යි පර්චස් 37 ක් වූ භූමියක මෙම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලි චම්පික මහතා, පසුගිය රජය සමයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ අවස්ථාවේදී බලගතු විරෝධතාවයන් ඇතිවුණා. පළමුවෙන්ම ආපු විරෝධතාවය තමයි මේ ජනතාව බලෙන් ඉවත් කරනවාය, එවකට තිබූ ආරක්‍ෂක අංශය හා එක්ව තිබූ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ජනයා ඉවත් කරනවාය කියන චෝදනාවක්. ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු පවා සිදුවුණා. ඒ වගේම මේ කොළඹ ඉඩම් නොමිලේ විදේශ සමාගම්වලට ලබාදෙනවා කියලා චෝදනාවකුත් එල්ල උනා. ඒ සියල්ල මැද තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ උනේ. මේ රජය බලයට පත්වී නාගරික සංවර්ධන අධිකාරිය මගේ අමාත්‍යාංශයට පැවරුණාම මේ ජනතාවගේ ප‍්‍රශ්න අපට ඉදිරිපත් කළා. ඒ අය හුඟ දෙනෙක් කිව්වේ ඔවුන් මෙහි පාරම්පරික අයිතිකරුවෝ, ඒ නිසා ඔවුනට ගෞරවනීය ජීවිතයක් ලබාදිය යුතුයි දැන් ඔවුන් හිඟන්නෝ ගානට වැටිලා, කුලී කාරයෝ ගානට වැටිලා ජීවත් වන්නේ කියා. ඒ අනුව අපි ඒ ටාටා සමාගමෙන්, වගේම මෙහි දේශීය ඉදිකිරීම් කටයුතු සිදුකළ ආයතනයට කතා කරලා හැකි ඉක්මනින් මේ නිවාස ඉදිකිරීමට කටයුතු කරනවා වගේම අපි ඒ ජනතාවගේ ඒ කුලී නිවාස වල කුලී ලබාදීම ආදියත් නාගරික සංවර්ධන අධිකාරිය අතට ගෙන සිදු කළා.

ඒ වගේම නගර සභාව ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය වගේ ආයතනත් සමග කතා කරලා ජලය, විදුලිය වගේ යටිතල පහසුකම් ලබාදෙන්න කටයුතු කළා. ඒ අවස්ථාවේදී අපට පෙනී ගියා මේ වියදම් සියල්ලම සිදු කළහම නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 922 ක පමණ පාඩුවක් සිදුවන බව. ඒ අවස්ථාවේදී අපි ඒ පිළිබඳව රජයේ, මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කළා. නමුත් අපට සුදුසු පියවරක් ලැබුණේ නැහැ. මම හිතන්නේ ඒ ආයතනය ඒවාට මුදල වියදම් කරන්න පුළුවන් තරම් ශක්තිමත් තත්වයක හිටියේ නැහැ. ඒ නිසා අපි මේ ව්‍යාපෘතිය අදාල සමාගම් සමග කතා කර නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් නැවත අධිකාරියට උපයා ගත හැකි ආකාරයට මෙම ව්‍යාපෘතිය සකස් කළා. එසේ නොවෙන්න රුපියල් බිලියනයකට අධික මහජනයාගේ අරමුදල් රටට අහිමි වෙනවා කෙලින්ම මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන්. ඒ වගේම මේ ව්‍යාපෘතියත්, මෙයට යාබදව තිබෙන ඉම්පිරියල් ව්‍යාපෘතියත්, එහි තවම නිවාස ඉදිවෙලා නැහැ. එම ජනතාව ඉතාම දුකෙන් පසුවෙනවා. ඒකට ආයෝජන සමාගමත් වගකිව යුතුයි. ඒ වගේම ජනතාවගෙත් ගැටළුවක් තිබෙනවා නිසි වෙලාවට සමහරු ඉවත් උනේ නැහැ.

කෙසේ වෙතත් සැප්තැම්බර් මස වන විට ඒ සියළු ගැටළු විසඳලා අපට සහයෝගය ලබාදෙනවා නම් අදාල පාර්ශව, එම ජනතාවත් අපි පදිංචි කරලා එම ප‍්‍රශ්නෙත් අපි විසඳන බව සියළු දෙනාටම ප‍්‍රකාශ කළ යුතුයි. ඒ වගේම එම ව්‍යාපාරය අපි වැටෙන්න දෙන්නේ නැහැ නාගරික සංවර්ධන අධිකාරිය අද මූල්‍යමය අතින් ශක්තිමත්. ඒ ව්‍යාපෘතියේ කොටස් අපි ලාබාගෙන ඒ ව්‍යාපෘතියත් නිම කරන්න අපි කටයුතු කරනවා. මේ රටේ බදු ගෙවන්නන්ට, අපේ ජනතාවට බරක්, පාඩුවක් නොවන ආකාරයට. ඒ වගේම නැවත මෙවැනි ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරියෙන් අපි කරන්නේ නැහැ. අපි ඉදිරියේදී විධිමත් නිවාස කොළඹ නගරයේ ලබාදෙනවා. 1958 සිට 2014 දක්වා මේ රජය බලයට පත් වන තුරු කොළඹ නගරයේ විවිධ ආණ්ඩු ලබාදුන්නේ තට්ටු නිවාස 9,000 කට ආසන්න ප‍්‍රමාණයක් අවවරප‍්‍රසාදිත ජනතාවට. අපේ ආණ්ඩුව මේ වන විට නිවාස 15,000 ක් ලබා දී තිබෙනවා. ඒවගේම මේ ඉදිරි මාස දෙක තුනේදී තවත් නිවාස 5,000 ක් ලබාදෙනවා. ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ තවත් නිවාස 6,000 කට මුල්ගල තියනවා. ඒ වගේම කොළඹ අවට ප‍්‍රදේශවල තවත් නිවාස 2,000 ක් ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් ලබා දෙන්න කටයුතු කරනවා. මේ රටේ ඉතිහාසයේ එවැනි සිදුවීමක් නාගරිකව කිසිම අවස්ථාවක සිදුවෙලා නැහැ. අපි විශාල ප‍්‍රවාරයක් සිදු නොකලත් විප්ලවීය පරිවර්ථනයක් සිදු කර තිබෙනවා. එය ඉදිරියට ගෙනයාම අපි සියළු දෙනාගේම වගකීමක්.

ඒ වගේම මෙම ස්ථානයෙන් ආරම්භ වන ඇවිදින මංතීරුවක් අපි ජනාධිපති කාර්යාලයේ සිට ගෝල්ෆේස් පිටිය හරහා වරාය නගරය කරා ගෙනයනවා. එය අරලිය ගහ මන්දිරය ආසන්නයෙන් තිබෙන බේරේ වැව අසලින් ආරම්භ කරලා සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා මේ වසරේදී. ඒ වගේම හුඟදෙනක් කුණු ගඳයි කියන බේරේ වැව සඳහා විධිමත් පියවර ගෙන තිබෙනවා. ඉදිරි මාස 6 ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා බේරේ වැවේ වසර ගණනක් තැන්පත් වෙලා තිබිච්ච ඒ ජරා තට්ටු ඉවත් කරලා බේරේ වැව පිළිසකර කරන්න. දැනටමත් බේරේ වැව වටා පදිංචිව සිටි විශාල පිරිසක් ඉවත් කර පිරිසිදු කරලා අද වාණිජ කේන්ද්‍රස්ථානය බවට ඒ ස්ථානය පත් කරන්න කටයුතු කර තිබෙනවා. මේ කටයුතු සිදුකිරීමේදී රජයෙන් සහය ලැබුණත් නොලැබුණත් අපි මූල්‍යමය අතින් නාගරික සංවර්ධන අධිකාරිය ශක්තිමත් කර තිබෙනවා.

2004 සිට 2015 දක්වා නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රාග්ධන වියදම රුපියල් බිලියන 22යි. 2016,17,18 කියන අවුරුදු 3 විතරක් නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රාග්ධන වියදම ඒ වගේම තුන් ගුණයක්. දස අවුරුද්දක කරපු වැඩ අපි එක අවුරුද්දකින් කර තිබෙනවා. ඒ වගේම එකම ව්‍යාපෘතියකින්වත් අපි රට ණය කරලා නැහැ. රට වැටෙන්න දීලා නැහැ. ඒ නිසා අපි තරඟකාරී පදනමින් කොළඹ ඉඩම් පරිහරණය කර තිබෙනවා. මේ යුධ හමුදා මූලස්ථානය අක්කර 6 ක්. මිලියන 8,000 ට දුන්නේ සින්නක්කරවම. අපි මේ නවලෝක රෝහළ අසල ඊට වඩා මිලගණන් අඩු, පහසුකම් අඩු ස්ථානයක ඉඩම ලබාදුන්නේ මිලියන 13,000 කට තරඟකාරී පදනමින්. මේකෙන් පෙනෙනවා පසුගිය කාලයේ ඉඩම් ගණු දෙනුවලින් කොපමණ ජාවාරම් සිදුවුණාද කියලා. ඒ වගේම අප සතුව පැහැදිලි ලිපි ලේඛන තිබෙනවා මේ ගණුදෙනුවෙන් සිදු වූ ඇතැම් දේවල් ගැන. මේවා අපි අධිකරණවලට කියන්න යන්නේ නැහැ. අනාගතයේ ජනතා අධිකරණයට ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවන බවත් ප‍්‍රකාශ කළ යුතුයැයි පැවසීය.

 

 

 

Post Views: 2
Previous Post

දේශීය ව්‍යාපාර ලෝකයේ තරඟකාරිත්වට ගෙන්න ඕන – අගමැති  

Next Post

අත්සන් කරන්න කලින් වෙනස්කම් කරන්න – එජාප නායකයාට ඉල්ලීමක්

editor

editor

Next Post

අත්සන් කරන්න කලින් වෙනස්කම් කරන්න - එජාප නායකයාට ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved